
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් එක්කෝටි 60 ලක්ෂයකට ආසන්න මුදලක් වංචා කර සැඟව සිටි කාන්තාවක අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකාරියට එරෙහිව පැමිණිලි පහළොවක් ලැබී තිබූ බව එම ඒකකය කියයි.
සැකකාරිය කලක් රැමේනියාවේ සේවය කර ඇති අතර එරට සම්බන්ධතා උපයෝගී කරගනිමින් රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා මෙම මුදල් ලබාගෙන වංචා කර ඇති බව ලද පැමිණිලි අනුව සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
විමර්ශන සිදු කරන අතර වාරයේදී සැකකාරිය පිළියන්දල වැල්ලම්පිටිය කොළොන්නාව යන ප්‍රදේශවල සැඟව සිටින බවට ලද තොරතුරු අනුව වැටලීම් නිලධාරීන් එම ප්‍රදේශ කරා යාමේදී ඊට පෙර සැකකාරිය එම ස්ථානවලින් පලා ගොස් තිබූූ බව ඒකකයේ සඳහන්කරයි
අනතුරුව විමර්ශන නිලධාරීන් උපාය දූතයකු යොදාගෙන සැකකාරිය සම්බන්ධ කරගෙන විදේශ රැකියාවක් ලබාදීමට අදාල ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කොළොන්නාව ප්‍රදේශයේ නීතිඥවරයකුගේ නිවසට පැමිණෙන ලෙස දන්වා සැකකාරීය එම නිවස වෙත පැමිණීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ජාවාරමට සම්බන්ධව සැකකාරියට සහාය වූ තවත් පුද්ගලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd