
(නිමල් ජයරත්න)
ප්‍රකට සහල් ව්‍යාපාරිකයකු වන මිත්‍රපාල ලන්කේෂ්වර මහතාගේ වැලිකන්ද සිංහපුර පිහිටි වී මෝල් සංකීර්ණයේ 24 වෙනිදා සවස 2.30 ට පමණ සුළු ගින්නක් හටගෙන ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.
පැතිර යන එම ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන ඒකකය දැනුවත් කර තිබෙන, අතර ගින්න නිවීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවද පොලිසිය පවසයි.
එහි සේවකයකු පැවසුවේ දහයියා අළු තැන්පත් වු ප්‍රදේශයේ මෙම සුළු ගින්න හටගෙන ඇති බවත්, ගින්න මැඩ පැවැත්වීම සියලු පියවර ගෙන ඇති බවයි.
අප මේ පිළිබඳව මිත්‍රපාල ලංකේෂර මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ, කුඩා කාමරයක වයර් ෂෝට් එකක් වී ඇති බවත්, එය ගැටලුවක් නොමැති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙලිකොප්ටරේ තිබුණ කාමරේද, රෝල්ස් රොයිස් කාමරේද?