
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ අනෙක් වෙඩික්කරුද අත්අඩංගුවට ගෙන කෙටි දිනක් තුළ දී විමර්ශන කටයුතු කඩිනමින් නිම කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය.
මේ වන විට එම විමර්ශනවලින් කටයුතු සීයයට 80 ක් පමණ අවසන්ව ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
ඉකුත් 13 වෙනිදින සිදු වූ මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් දින 03 ක් තුළදී ඊට සෘජුවම සම්බන්ධ පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව මාධ්‍ය ප්රකාශකවරයාා කීය.
ඒ අතරින් වෙඩික්කරු ඇතුළු තිදෙනකුට දින 90 ක රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුරටත් ප්‍රශ්න කරන අතර සෙසු සැකකරුවන් බන්ධනාගාර ගත කර ඉදිරි විමර්ශන සිදු කරමින් පවතින බව ඔහු පැවසීය.
මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් පොලිස්පති, නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පොලිස් කණ්ඩායම් දොළහක් විමර්ශන සඳහා යොදවා තිබෙන අතර කෙටි දිනක් තුළදී මේ අනෙක් වෙඩික්කරු ද අත්අඩංගුවට යන ඊට සම්බන්ධ සියලුම සැකකරුවන් නීතියේ රැහැණට ඉදිරිපත් කිරීමට හැකියාවක් ලැබෙන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම විමර්ශනයක් ගැන මහජනතාවගේ විශ්වාසයක් නැහැ. ඒ තරමට හැම දෙයක්ම දේශපාලනීකරණය වෙලා. බොයිලර් කුකුළෙක් වගේ දවස් 14 න් ගන්නවා වගේ විමර්ශන කරන්න බැහැ...