IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රාහුල්ට යළි මන්ත්‍රිධූරය

(විමුක්ති එස් රුද්‍රිගු)

අහිමි වූ ලොක් සභා මන්ත්‍රී ධුරය නැවත ලබා ගැනීමටත් ඉදිරියේදී පවත්වන මැතිවරණ සඳහා තරඟ කිරීමටත් ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ විපක්ෂ නායක රාහුල් ගාන්ධි මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී ඇත.

අභියාචන නඩු විභාගය අවසන් වන තෙක් තමන් වරදකරුවකු ලෙස නම් කිරීම තාවකාලිකව අත්හිටුවන ලෙස ඉල්ලමින් රාහුල් ගාන්ධි මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම අද(04) විභාගයට ගනිමින් එම ඉල්ලීමට අවසර ලබා දීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීම හේතුවෙන් රාහුල් ගාන්ධි මහතාට සිය ලොක් සභා මන්ත්‍රී ධුරය නැවත ලබා ගැනීමටත් ඉදිරියේදී පවත්වන මැතිවරණ සඳහා තරඟ වැදීමටත් අවස්ථාව ලැබී තිබේ.

අභියාචන නඩු විභාගය අවසන් වන තෙක් තමන් වරදකරුවකු ලෙස නම් කිරීම තාවකාලිකව අත්හිටුවන ලෙස රාහුල් ගාන්ධි මහතා අභියාචනාධිකරණය හමුවේ මීට පෙර ගොනු කර තිබූ පෙත්සම එම අධිකරණය ප්‍රතික්ෂේප කළ අතර ඒ හේතුවෙන් රාහුල් ගාන්ධි මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ නව පෙත්සමක් ගොනු කිරීමට කටයුතු කළේය.

මෝදි වාසගමට අපහාස කිරීම සම්බන්ධයෙන් රාහුල් ගාන්ධි මහතාට විරුද්ධව ගොනුකර තිබූ සාපරාධී අපහාස කිරීමේ නඩුවකට ඔහු වරදකරු බව තීරණය කරමින් වසර දෙකක සිර දඬුවමක් නියම කිරීමට ගුජරාත් හි සුරාට් අධිකරණය නියෝග කිරීම හේතුවෙන් ගාන්ධි මහතා මන්ත්‍රී ධුරය දැරීමට නුසුදුස්සෙකු විය.

ඉන්දියාවේ මන්ත්‍රීවරයකු කුමන හෝ වරදකට වරදකරු වී අවුරුදු දෙකක් හෝ ඊට වැඩි කාලයක දඬුවමක් නියම වුවහොත් එම මන්ත්‍රීවරයා මන්ත්‍රී ධුරය දැරීමට නුසුදුස්සෙකු වෙයි.

එම අවස්ථාවේදී රාහුල් ගාන්ධි මහතාට අභියාචනා කිරීමට අවස්ථාව ලබා දෙමින් එම දඬුවම දවස් 30 කට අත්හිටුවමින් ඇප ලබා දීමට සුරාට් අධිකරණය කටයුතු කළේය.

"හොරුන් සියලු දෙනාට පොදුවේ මෝදි නාමය තිබෙන්නේ කෙසේදැයි" රාහුල් ගාන්ධි නැගූ ප්‍රශ්නය හේතුවෙන් ඔහුට විරුද්ධව සාපරාධී අපාහාස කිරීමේ නඩුව ගොනු කර තිබිණ.

 



අදහස් (1)

රාහුල්ට යළි මන්ත්‍රිධූරය

primeshika Saturday, 05 August 2023 10:43 AM

එහෙනම් ඉතින් ලංකාවේ බහුතරයක් හිරේ ඉන්න ඕනෑ ‘රාජපක්ෂ‘ නාමය ගැන කියන කතාවලට...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 426 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site