IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රෝහල් සේවිකාවට පහර දුන් විශේෂඥ වෛද්‍යවරයා අත්අඩංගුවට

(  ජී ඩබ්ලිව් කේ  ප්‍රේමතිලක ද සිල්වා)

රෝහල් සුළු සේවිකාවකට පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින විශේෂඥ වෛද්‍යවරයා අද (18) අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය කියයි.

කෙසේ වෙතත් මෙම වෛද්‍යවරයා යම්කිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කරාපිටිය පෞද්ගලික රෝහලකට ඇතුලත්ව ඇති හෙයින් දැනට පොලිස් ආරක්ෂාව යටතේ ඔහු පසුවන බව පොලිසිය කියයි.

මෙම කරුණු සම්බන්ධයෙන් අදාල සේවකයන් සහ කරාපිටිය රෝහල් අධ්‍යක්ෂවරයා අතර සාකච්ඡාවක් අද (18) උදෑසන පැවති අතර රෝහල් අධ්‍යක්ෂකවරයා මෙහිදී සේවක සේවිකාවන්ට පවසා සිටියේ අදාළ වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇති බැවින් දැනට ඔවුන් ගෙන ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හරින ලෙසයි.

කෙසේ වෙතත් සේවක සේවිකාවන් පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් පැමිණ පරීක්ෂණයක් ආරම්භ කරන තුරු මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයත් නොහරින බවයි.

 



අදහස් (3)

රෝහල් සේවිකාවට පහර දුන් විශේෂඥ වෛද්‍යවරයා අත්අඩංගුවට

Siripala Thursday, 18 January 2024 11:12 AM

මේ දොස්තර පිටින් බෝධි සත්වයෙක් වගේ පෙන්නුවට ඇතුලතින් යක්ෂයෙක්. අවස්ථා ගානකදී ගැටුම් ඇති කරගත් පුද්ගලයෙක්. අනිවාර්යෙන්ම රිමාන්ඩ් බන්ධනාගාර ගත කල යුතුයි

:       7       20

රංබොඩ Thursday, 18 January 2024 12:19 PM

සුළු සේවක සේවිකාවන් හොඳයි කියනව නෙවෙයි. ඔවුන් ගේ හැසීරීමත් බොහෝවිට නරකයි. මොකද ගොඩක් දෙනා දේශපාලන පත්වීම් වලින් ඇවිත් ඉන්නෙ . ඒ අතර අහිංසක අයත් ඉන්නවා. වෛද්‍ය වරුන් ඉහළට යන්න යන්න මානසිකව අසම බර වෙනවා. පොත් සහ රෝගීන් සමඟ විතරක්ම ඉන්න නිසා වෙන්න පුලුවන් .සියලු දෙනා පාගගෙන අසාමාන්‍ය මාන්නයකින් පෙළෙනවා.ඒ අතර ඉතා හොඳ මිනිසුන් ඉන්නවා. ඔවුන් මානසිකව නිරෝගී අය.

:       0       19

Lal Thursday, 18 January 2024 07:57 PM

කක්කුස්සි හෝදන කෙනෙක් නිසා වෛද්‍ය වරයෙක් සිරගත කිරීම අනුමත කළ නොහැක...

:       6       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 42 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 130 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 929 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site