
(අංජුල මහික වීරරත්න)
කාසල්, ද සොයිසා, මහ මෝදර, අක්ෂි සහ මාතර යන ප්‍රධාන රෝහල් ඇතුළුව සෞඛ්‍ය ආයතන 17 කට නව අධ්යක්ෂවරුන් පත් කර තිබේ. මෙහි දී කාසල් වීදියේ කාන්තා රෝහලේ නව අධ්යක්ෂවරයා ලෙස විශේෂඥ වෛද්‍ය එස්.ඩී.යූ.එම්. රංග, ද සොයිසා මාතෘ (ශික්ෂණ) රෝහලේ අධ්යක්ෂවරයා ලෙස වෛද්‍ය සී.පෙරේරා, මහමෝදර ශික්ෂණ රෝහලේ (ජර්මන් ශ්‍රී ලංකා මිත්‍රත්ව කාන්තා රෝහල) අධ්යක්ෂවරයා ලෙස වෛද්‍ය කේ.එම්. සෝමරත්න, ජාතික අක්ෂි රෝහලේ අධ්යක්ෂ ලෙස වෛද්‍ය බී.අයි.කුරුකුලසූරිය සහ මාතර මහ රෝහලේ අධ්යක්ෂවරයා ලෙස වෛද්‍ය ජේ.පී. රණසිංහ යන මහත්ම මහත්මීහු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතින් පත්වීම් ලබා ගත්හ.
එමෙන්ම වෛද්‍ය ඒ.එම්.එස්.බණ්ඩාර සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, වෛද්‍ය එන්.සරවණබවන් නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, වෛද්‍ය ඒ.එම්.ටී.කේ.අත්තනායක බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, වෛද්‍ය පී.ඒ.ඩී.ඩී.එස්.පොන්වීර පුත්තලම ප්‍රදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, වෛද්‍ය ඩබ්ලිව්.ඒ.එස්.එස්.වික්‍රම නුවර ප්‍රදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, වෛද්‍ය එස්.ටී.ඒ.පී.සේරසිංහ මොණරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, වෛද්‍ය සී.මුරගේ කළුතර ප්‍රදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, වෛද්‍ය බී.කායල්විලි වයඹ පළාත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, වෛද්‍ය ඊ.රාජපක්ෂ අධ්යක්ෂ මානසික සෞඛ්‍ය, වෛද්‍ය ජේ.කේ.එම්.එන්.ජයකොඩි මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්යක්ෂ, වෛද්‍ය ජේ.එම්.එස්.ඒ.ජයසිංහ ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්යක්ෂ, වෛද්‍ය එන්.එච්. ධර්මතිලක ආහාර පරිපාලක පාලන ඒකකයේ අධ්යක්ෂ වශයෙන් ද අමාත්‍යවරයා අතින් මෙහිදී පත්වීම් ලිපි ලබා ගත්හ.
මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා කීවේ සෞඛ්‍ය සේවාවේ ප්රගමනය වෙනුවෙන් ගන්නා වූ සියලු තින්දූ තීරණ කිසිදු දේශපාලන වාසියක් හෝ ජනප්‍රියත්වයක් වෙනුවෙන් නොගන්නා බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd