
(සුජිත් හේවාජුලිගේ)
රටේ සෞඛ්‍ය ගැටළු සම්බන්ධයෙන් මැදිහත්වී කටයුතු කිරීමට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ වෛද්‍යවරුන් වන සියලු මන්ත්‍රීවරු අද තීරණය කළහ.
ඒ අනුව රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උද්ගතව ඇති ප්‍රශ්න සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරුන් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද (18) පැවැත්විණ.
මෙම සාකච්ඡාවේදී අද විශේෂයෙන්ම සාකච්ඡා කර ඇත්තේ විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් විදේශ ගත වීමෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුවී ඇති ගැටලු සම්බන්ධවයි.
විශේෂඥ වෛද්‍යවරුන් 400 දෙනකු සහ වෛද්‍යවරුන් 2000 ක පිරිසක් පසුගිය කාලයේ දී විදේශගතව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරිහු මෙහි දී පෙන්වා දුන්හ.
වෛද්‍යවරුන් විදේශගත වීම වැළැක්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී දීර්ඝව සාකච්ඡා කෙරිණ.
මෙම සාකච්ඡාවට වෛද්‍යවරුන්වන මහාචාර්ය චන්න ජයසුමන ,රමේෂ් පතිරණ, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, රාජිත සේනාරත්න, තිස්ස විතාරණ, සීතා අරඹේපොල, තිලක් රාජපක්ෂ, උපුල් ගලප්පත්ති,ගයාෂාන් නවනන්දන, කාවින්ද ජයවර්ධන යන මන්ත්‍රීවරුද රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ නියෝජිත පිරිසක්ද සහභාගීවූහ.
පැයකට ආසන්න කාලයක් වන සාකච්ඡාව පැවැත්වුණු බව පැවසේ.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙම ගැටලු සම්බන්ධයෙන් මෙම මන්ත්‍රීවරු තවත් ක්ෂේත්‍රවල පිරිස් සමඟ ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට ප්‍රමිතිය නැති බෙහෙත්, ඉන්ජෙක්ෂන් ගෙනාපු ඇමැතියාට පක්ෂව ඡන්දේ දීපු මේ අයද සෞඛ්‍ය සේවාවේ ප්‍රශ්න විසඳන්න ඉදිරියට ආවේ...? වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ...
එතකොට දොස්තර පඩියත් ගෙවනවද ?
කාලයක්ම බොරු කියලා පුරුදු වෙලා නිසා ලෙඩ්ඩුන්ටත් බොරු බේත් ලියයිද ?
බහුතරයක් ඇමැතිකම්, මන්ත්‍රීකම් මැටි මෝල්ලු දරන රටක උගත්, බුද්ධිමත් මිනිස්සුන්ට ජීවත් වෙන්න තරම් වාතාවරණයක් නෑ.
මේ ගොල්ල මෙහෙම එකතුවෙන්නේ තමන්ගේ පඩි වැඩි කරගන්න විතරයි. වෙන කිසිම ප්‍රශ්නෙකට ඔහොම පක්ෂ විපක්ෂ එකතු වෙන්නේ නෑ. දවසක් නවනන්දන තපුල්ලුව කිව්වේ කාවින්ද ජයවර්ධන, දොස්තර කෙනෙක් නෙවේ කියලා. දැන් බලන්නකෝ දෙන්නම එකට ඉන්නේ. රටේ මේ දොස්තර මාෆියාව වහාම අවසන් කළ යුතුයි. එල් ටි ටි ඊ එකට පස්සේ දැකපු රටට වින කරන විශාලම සංගමයක්...!
මේ ඇමැතිට විරුද්ධ විශ්වාස භංග යෝජනාවේදී ඊට පක්ෂව ඡන්යද දීපු අයම නේද? මොවුන් අපට පශ්චාත් භාගය පෙන්වනවාද?
225 පට්ට හොරුන්ගෙන් බහුතරයක් බැලුවම දොස්තරලමනෙ.
රට යන එක නවත්වන්නේ නැතුව රටේ ඉන්න පුළුවන් විදියට රට හදන්න ඕන
මේ ගොල්ලො රටට පෙන්නන්නෙ රටේ ලොකුම ප්‍රශ්නය තියෙන්නෙ මෙයාලට කියල. එදා වෙල කන්න නැති, වැඩ කරල වැටුප් මාස ගානකින් ලැබුන නැති, රැකියා අහිමිව පාරට වැටුන පිරිස් ඉන්නව තමන්ට පුලුවන් විඩියට ගොඩ එන්න බලනමින්. රටේ ඉහලම වැටුප් ලැබෙන, වෙලාවට වැටුප ලැබෙන, හොරට අතිකාල ගන්න, චැනලින් වලින් කෝටි ගනන් උපයන ඒවගෙන් බදු වලින් රිනගන පිරිසකට තම බැලුවම ලොකුම අමාරුව. මෙයලා රට යනවනම් යන්න දීල වෙන රටකින් ණයට හරි දොස්තරල ගෙනත් මේ ත්‍රස්තවාදය අවසන් කල යුතුමයි. නැත්තම් මෙයලට කොච්චර දුන්නත් මදි
රෝහල් වල ලෙඩ සුව කරනව කිව්වට දොස්තරලගෙ පඩි සහ වරප්‍රසාද වැඩි කිරීම ගැනනනෙ කට්ටියම කතා කරල තියෙන්නෙ. එයාලට ඒව වැදි කලාම එ බරත් අහින්සක ජනතාව පිටම තමයි. ආර්ත්මර්තකමි කුහකයො
මටනම් හිතෙන්නෙ ගොම සංගමය කියන්නෙ බොරු. ඔච්චර ගිය ගියා කිව්වට මෙයාල යන්නෙ නැ. යන එකා කිය කිය ඉන්නෙත් නැ. එවගේ ගිහින් මෙහෙම රඟන්නත් බෑ. ඇත්තටම බලුවොත් දොස්තර හිගයක් නැ. මෙයාල රොඉහල් වල නැති එක තමා හේතුව. දොස්තරල 22 ක් ඉන්න රෝහලේ හැමදාම පෙන්න ඉන්න 7 ක් 8ක්. අනිත් ඔක්කොම පුද්ගලික සේවයේ හො ගෙදර. හරියට බැලුවොත් බහුතරයක් දොස්තරල සේවය කරන්නෙ මාසෙට දවස් 10 ක් වගේ.
රාජිතා සේනාරත්න, චන්න ජයසුමණ හා සීතා අරඹේපොල වගේ අය එක්ක සාකච්ඡා කරලා රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය මොනවද බලාපොත්රොත්තු වෙන්නෙ, ප්‍රශ්ණ වලට විසදුම්ද එහෙම නැත්නම් ඊළගට ආණ්ඩුවක් හදන හැටිද ?