
(චමින්ද වැවතැන්න)
කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කියන පුවතක් කෑගල්ල පොලිසියෙන් වාර්තා වේ.
එම ආහාර තොගය කෑගල්ල පොලිසියට බාරදුන් කෑගල්ල මහ රෝහලේ ලේකම්වරයා ඒ සම්බන්ධයෙන් ඊයේ (25) සවස පැමිණිල්ලක් කර ඇත.
කෑගල්ල මහ රෝහලේ නව අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන විජේසිංහ ලේකම් නොයෙල් ධර්මදාස සෞඛ්‍ය කාර්ය සහයකවරයකු හා රෝහල් ආරක්ෂක අංශයේ නිලධාරියකු පෙරේදා 24 වැනිදා සවස 3.30 ට පමණ රෝහල වටා සංචාරයක් කර ඇති බව පොලිසිය පැවැසීය.
එම අවස්ථාවේ දී රෝහලේ කෝකියා මෘත ශරිරාගාරයේ දෙසින් යම් බෑගයක් අතැතිව දිව යන අයුරු රෝහල් අධ්‍යක්ෂවරයා ඇතුළු කණ්ඩායම දැක ඔහුට නවතින ලෙස දන්වා ඇත.
පසුව කෝකියා අත තිබුණු බෑගය ද රැගෙන දිව ගොස් ගොඩනැගිල්ල සැග වී ඇති බවත් පසුව ආරක්ෂක නිලධාරියා දිව ගොස් ඔහු සැගව සිටි ස්ථානයෙන් පිටත ගෙන ඇත. පසුව රෝහල් අධ්‍යක්ෂවරයා ලේකම්වරයා ඇතුළු කණ්ඩායම කෝකියා අත තිබුණු පාර්සලය පරීක්ෂා කළ අවස්ථාවේදී එහි තිබී රුපියල් 2232 ක් වටිනා කට්ටා කරවල ග්‍රෑම් 900 ක්, රුපියල් 1400 ක් වටිනා බල මාළු කිලෝ එකක්, රුපියල් 390 ක් වටිනා අර්තාපල් කිලෝ එකයි ග්‍රෑම් 300 ක් සොයාගෙන ඇති බව පොලිසිය පැවැසීය. එහි වටිනාකම රුපියල් 4082 ක් බව දන්වා ලිඛිත ලේඛනයක් ද ඉදිරිපත් කර ඇත.
කොකියාට ඊයේ 25 වැනිදා රාජකාරියට පැමිණෙන ලෙස දන්වා ඇතත් සේවයට වාර්තා කර නොතිබුණු බව රෝහල් ලේකම්වරයා පොලිසියට දන්වා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විධායක මට්ටමේ උන් කරන හොරකම් ගැන හොයන්න උන් නෑ .හැබැයි පොඩි එකෙක් අල ගෙඩියක් අරන් යද්දී ඉන්නවා රනිල් රාජපක්ෂ .කවදා තේරුම් ගනීද රටේ මිනිස්සුන්ට කන්න (අඳින්න සල්ලි කොහොමත් නෑ )සල්ලි නෑ කියලා
විධායක මට්ටමේ ඉන්න දොස්තරලා දවල් 12-2 පැය දෙකක කාලයක් රජයෙන් අතිකාල ලබමින් පුද්ගලික සේවයෙත් යෙදෙනවා. සමහරු රජයේ රෝහල් තුළම. රජයට වෙන පාඩුව ඔය වගේ දහස් ගුණයක්. අහින්සක කොකියගේ රු. 4000 තමා දොස්තරලා ටික අල්ලගෙන තියෙන්නෙ