(නිමන්ති රණසිංහ)
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතාට එරෙහිව අල්ලස් කොමිසම පනවා තිබූ නඩුවෙන් ඔහු නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(13) නියෝග කළාය.
කොළඹ මහාධිකරණයෙන් ලද නියෝග ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ 78 -1 වගන්තිය යටතේ අධ්‍යක්ෂකවරුන් තිදෙනාගේ අනුමැතියකින් තොරව මෙම නඩුව ගොනුකිරීම හේතුවෙන් මෙම චෝදනාවලින් චූදිතයා නිදහස් කරන ලෙසට කොළඹ මහාධිකරණය නියෝග කර තිබිණි.
ඒ අනුව, අධ්‍යක්ෂකවරුන් තිදෙනාගේ අනුමැතියකින් තොරව නැවත නඩු පැවරීමට හැකි බවද එම නියෝගයේ සඳහන් විය.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස සිටිමින් එම ධූරය අයුතු ලෙස භාවිත කර බ්‍රිතාන්‍ය ලන්ඩන් නුවර පැවති හමුවකට සහභාගී වීමේදී සිදුවුණා යැයි කියන සිද්ධියට අදාළව අල්ලස් කොමිසම දූෂණය වගන්තිය යටතේ මෙම චෝදනාව ගොනු කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා ගැන.. කුරුණෑගල මිනිස්සු හොඳට දන්නවා කව්ද කියලා..
ආහ්... තව නඩුවක් අහක...
මේ නඩුව "තාක්ෂණික දෝෂ" සහිතව ඉදිරිපත් කිරීම, අතපසුවීමක් හෝ අහඹු සිදුවීමක් නොව කාගේ හෝ වුවමනාවට හිතාමතා සිදුකළ දෙයක් බව මගේ හැඟීමයි.
ඒකත් ඉවරයි...
නඩු කාරයින්ගේ කොඳු කඩලා. එහෙම නැතිනම් මොල හෝදලා. එහෙමත් නැතිනම් නඩුකාරයන් අල්ලස් කාලා...!!! මට මතකයි නාගානන්ද මහත්මයා කීවා එතුමා ඡන්දයෙන් ජයග්‍රහණය කළා නම් මුලින්ම ලොකු නඩු කාරයෝ ටික ගෙදර යවනවා කියලා. මොනවා කරන්නද..? අවාසනාව ...
කාගේ වුවමනාවටද? හරියට නඩුවක් ගොනු කරගන්න බැරි නම් ඇයි එම ආයතනවලට අනුයුක්තව නීති නිලධාරීන් ඉන්නේ? බොරු පම්පෝරි ගහන්නේ නැතිව සුදුසු අයව තනතුරු තානාන්තරවලට පත් නොකිරීමේ වරද නේද? හොරු ටික විහින්ම නුසුදුසු අයව පත්වීම්වලට ඇතුළත් කරාම වෙනදේ. මේ රට හැදෙයිද? නීතිපති දෙපාර්තුමේන්තුවේ ඉන්නෙත් හරියට නීති අර්ථකථනය නොදත් අයද? වරදක් වී ඇතිබව මුලදී නොදැක්කේ ඇයි? මේ විදියේ වැඩකට නොමැති නිලධාරින් නඩත්තු කිරීමට වැයවන්නේ මෙරට අහිංසක මිනිසුන්ගේ බඩගින්න, දහදිය, දුක්කඳුලු නේද?
මෙයා විදේශ ඇමති වෙලා හිටපු කාලේ කරපු හරිය කවුරුත් දන්නවා. ඒ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. රට සවාරි ගහපු එක මිසක් වෙන මොනවද කෙරුවේ...?
මේ වගේ අය මොන උප්පරවැට්ටි දාලා බේරුණත්, අපේ ඡන්දෙන් ගෙදර යවමු.
වෙනස සැපද ආ.......
කෝට්ටේ ඉඩම් ගොඩ කර කර අල්ලා ගත්තා, අද බිලියන පතියෙක්
වහාම නැවත නඩුව ගොනු කරන්න.
මම නම් කියන්නේ මේ වගේ කැකිල්ලේ තීන්දු දෙන අයට විරුද්ධව ජනතා හඬක් ගොඩනැගිය යුතුයි. නැතිනම් වෙන්නේ හොරුන්, දූෂිතයන් එන්න එන්න රටේ බිහිවෙන එකයි.
අවුරුදු හතර හමාරක් මේවගේ නඩු දාලා හිටි අයට දැන් පුළුවන් උද්ඝෝෂණය කරන්න.
ඔහොම යං ඔහොම යං .. තව නඩු දුසිම් පහයි තියෙන්නේ.
අපේ නීති පොතේම තියෙනවා තාක්ෂණික දෝශ සහිත නඩු තීන්දුව දීමෙන් පසුව පවා නීතිපතිගේ උපදෙස් පරිදි අවශ්‍ය නම් නැවත ගොනු කළ හැකි කියා.