(මනෝප්රිය ගුණසේකර)
සිය නීත්‍යනුකූල ආදායම් හා වත්කම්වලින් උපයාගත නොහැකි රුපියල් කෝටි හතරකට අධික මුදල් හා දේපළවල හිමිකරුව සිටින බවට චෝදනා ලැබ සිටින හිටපු වරාය හා මහාමාර්ග ව්‍යාපෘති ඇමති රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය ලබන 28 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා අද (19) නියම කළේය.
මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී ඉදිරිපත් වූ සාක්කි විමසීමෙන් අනතුරුව විනිසුරුවරයා එලෙස නියම කළේය.
2004 මාර්තු මස 31 වැනිදාත් 2006 මැයි මස 31 වැනිදාත් අතර කාලය තුළ සිය නීත්‍යනුකූල ආදායම් හා වත්කම්වලින් උපයාගත නොහැකි මෙන්ම උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි රුපියල් කෝටි හතරකට අධික මුදල් හා වත්කම්වල හිමිකරුව සිටින ලදැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව නඩු පවරා තිබිණි.
මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර රෝහිත අබේගුණවර්ධන මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.
පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් එස්.අයි. ජයසිංහ මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ සුදර්ශනද ද සිල්වා මහතා පෙනී සිටියහ.
විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා සහ නීතීඥ නිරෝෂන් සිරිවර්ධන මහතා ඇතුළු නීතීඥ මඩුල්ලක් පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝඨාභය මැතිතුමනි, මෙවැන්නන් ඔබේ අහලකටවත් ගන්න එපා.
බෙරකාරයා පෙරහැර දැන් ලග එනවා. අනේ මගේ රට !
ඔන්න අලුත් ජනපති වැඩ අල්ලලා..........තව ටික දවසකින් තව අය එළියට නාවොත් ඉර බස්නාහිරින් පායයි.
ගෝඨාභය හොදයිද? ඔහු වා ඉන්න පිරිස් මෙවන් චෝදනාවන්ට ලක්වූවන්.
දැන් සියලු ඡන්ද ප්‍රතිඵල බලා ගන්න පුළුවන් වේවි.
මේගොල්ලොත් අමාත්‍ය මණ්ඩලයට ගන්නවද ? කන්තෝරුවල පින්තුර ගලවන එක ලේසියි. මේවගේ අයගෙන් බේරිලා රට හදන එකනම් එතරම් ලේසි වෙන එකක් නැහැ.
එතුමා වැනි සද්ගුණවත් දේශප්‍රේමී රට දැය වෙනුවෙන් පෙනී හිටපු ජනතාවාදී උතුම් දේශපාලන නායකෙයෙකුට නඩු පැවරීම සුදුසු නැහැ නේද?
මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක්. ඔය නඩුවත් තවත් නඩු බාලගිරි දෝෂයට හසුවීමට නියමිතයි. එසේ නැතිනම් තාක්ෂණික දෝෂ හේතුවෙන් විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට නියමිතයි
මීයක් කැඩුවේ අත ලෙවකන්න නෙවෙයිනේ ? ඔය තියෙන්නේ ප්රතිලාභ