(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ ජයන්ත ජයවර්ධන)
රුහුණ විශ්ව විද්‍යාලයේ පළමු වසරේ සිසුවකුට ලිංගික අඩත්තේට්ටම් සිදුකර පහර දී අමානුෂික ලෙස නවකවධය දුන් බව කියන එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු ජ්‍යෙෂ්ඨ සිසුන් 19 දෙනා ලබන 23 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (9) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ රුහුණ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති වෙරංග පුෂ්පික ද සිල්වා, තෙවැනි වසරේ ඉගෙනුම ලබන දර්ශන රුවන්, දිල්ෂාන් තාරක, නවෝද කිත්මල්, හර්ෂ නයනජිත්, සුපුන් සමීර, කසුන් දිනෙත්, එස්.විමලසූරිය, නවීන් හර්ෂණ, ලහිරු සචිත්‍ර, කේ.ලක්ෂාන්, ප්‍රදීප් ධම්මික, නුවන් සම්පත්, ශමිල් නාරද, හර්ෂ දේවප්‍රිය, ඩබ්ලිව්.එම්.රූපසිංහ, කැලුම් විරාජ් හා කපිල රත්නප්‍රියයන සිසුන්ය.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරික්ෂණ පැවැත්වෙන බැවින් සැකකාර සිසුන් පිරිස රක්ෂිත බන්ධනාගරගත කරන ලෙස පොලීසිය ඉල්ලා සිටියේය.
1998 අංක 20 දරණ නවක වධ පනත යටතේ සැකකාර සිසුන් මාතර මූලස්ථාන පොලීසිය විසින් ඉකුත් අගෝස්තු 6 වැනිදා සැකපිට අත්අඩංගුවට ගැණිනි.
නවක වධයට ලක් වු බව කියන සිසුවා පළමුව තමාට සිදුවු හිරිහැර සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කර තිබු අතර පසුව ඔහු මාධ්‍ය හමුවක් කැදවා ඒ බව අනාවරණය කළේය.
ඒ අනුව පොලීසිය සැකකාර සිසුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳම දේ 19 දෙනාවම පන්ති තහනම් කරලා නැවත කිසිම ව්ශ්වවිද්‍යාලයකට යන්න බැරි වෙන්න දඬුවම් කරන්න ඕන එය අනිත් යටත් පාඩමක් වෙන විදියට .
මෙවන් ඔළුව ඉදිමිච්ච අයට උපරිම දඩුවම් දිය යුතුයි. විනිසුරු තුමනී ඔබට අපගේ උත්තමාචාරය
ගරු අධිකරණයට අපගේ හිස නමා ආචාරය කරන්නෙමු. මෙවන් තිරිසනුන් හට කිසිඳු සහනයක් නොදී සියලුම පාහරයින්ගේ උදච්ඡ ශිෂ්‍යභාවය සදහටම අහෝසිකර කිසිඳු සරසවියකට හෝ කිසිඳු රැකියාවක්වත් නොලැබෙන ආකාරයට දඬුවම් ලබාදෙයි යන්න අපගේ විශ්වාසයයි. මෙවන් පිළිල සදහටම සරසවිවලින් අතුගා දැමිය යුතුය. අන්තරේ ඉන්න නුගත් මෝඩ හරකුන්ට නැවත මෙවන් තිරිසන් වැඩවලට කිසිලෙස ඉඩදිය යුතු නැත යන්න අපගේ මතයයි. එමෙන්ම මෙම නිවට තිරිසනුන් 19 දෙනාගේම ඡායරූප මෙන්ම ලිපිනයන්ද ප්‍රසිද්ධ කරන මෙන් අප ගරු අධිකරණයෙන් ඉල්ලා සිටින්නෙමු .එමගින් "මුන්ගේ පවුල්වල සහෝදර සහෝදරියන්ට, දෙමාපියන්ට පාරේයාමට නොහැකිවෙන තත්ත්වයක් ඇති වුණු දවසට "අනිකුත් සරසවි සිසුන් යයි කියන උද්දච්ච විශේෂයෙන් අන්තරේ ඉන්න " මොංගල් ලෙඩ්ඩුන් " නිරායාසයෙන්ම මේවාට පෙළඹෙන ප්‍රවණතාවය අඩුවෙනු ඇත...
ඒ නරුමයන් දාමරික හිරකාරයන්ට බාර දෙන්න. කර්මානුරූපව ඒ ජාතියේම දඬුවමක් දෙයි.
මේ කාලකන්නි පෙරේට්ටුවෝ ටික කැම්පස් එක ඉස්සරහ මූදට දමපල්ලා !
පන්ති තහනම් කරලා විතරක් මදි. අවුරැදු ගානක් ඇතුලට යැවුවොත් නවක වදය..වඳ කරන්න හැකිවේවි.