(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය යුරියා හා MOP පොහොර ලබා ගැනීම පහසු කර ගැනීමට රුසියා රජයේ සහයෝගය ලබා දීමට එකඟත්වය පළ වූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකාව හා රුසියාව අතර පවතින ද්විපාර්ශ්වික සහයෝගිතාවය මත හා දෙරට අතර පවතින මිත්‍රත්වය තහවුරු කරන පරිදි මෙම යුරියා හා MOP පොහොර ලබා දීමේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමට එකඟත්වය පළ කර ඇත.
ශ්‍රී ලංකාවේ රුසියා තානාපති රුසියානු තානාපති ලෙවාන් එස් සැගැරින් මහතා හා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාවය පළ වී තිබේ.
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය යුරියා හා MOP පොහොර සැපයීමේ වැඩ පිළිවෙළ කඩිනමින් ආරම්භ කිරීම සඳහා කටයුතු කඩිනමින් ආරම්භ කරන බව ද මෙහිදී රුසියානු තානාපතිවරයා සඳහන් කළේය.
මෙහිදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට කීවෙි මෙම කටයුතු ලබන මහ කන්නය ආරම්භයට පෙර අවසන් කිරීමටත්, ලබන මහ කන්නයේ දී යුරියා හා MOP පොහොර ගොවීන්ට ලබා දීමේ වැඩ පිළිවෙළ සාර්ථක කර ගැනීම ඉලක්ක කර ගනිමින් වැඩ කටයුතු ආරම්භ කරන ලෙසත්ය.
මෙම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් යන මහත්ම මහත්මීහු මෙන්ම රජයේ පොහොර සමාගම් දෙකේ සභාපතිවරු ද සහභාගී වී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප රටේ තෙල් පිරි පහදුව ආශ්‍රය කර ගෙන ඛණිජ තෙල් අතුරු නිෂ්පාදනයක් ලෙස යූරියා පොහෙරෙ නිපදවීමේ කර්මාන්ත ශාලාවක් තිබුනා එයින් කෘෂිකාර්මික රටක් වන අපට අවශ්‍ය යූරියා පොහොර ප්‍රමාණය එකල මාස 06 කදී නිපදවීමට හැකි උනා ඉතිරි හය මස පොහොර නිපදවූවේ නැහැ සේවකයන්ට වැටුපෙන් 75% ගෙවලා නිෂ්පාදන කටයුතු සීමා වුනා අද අප රටට මෙම කම්හල තිබුනා නම් අපි කෘෂිකර්මාන්තයේ විප්ලවයක් කරන්න තිබුනා ඔය මහලොකු දැක්මක් ඇති අනාගත පරපුරට රටේ අනාගතය හදනවා යැයි පුරසාරම් දොඩන රනිල් මෙය විකුණා දැමුවා ඊට පස්සේ රටට අවශ්‍ය පොහොර ආනයනය කලා මොනතරම් අධූරදර්ශී නායයන්ද මොවුන්,අපේ රටේ කෘෂිකර්මයට කොතරම් ඉහල විභවතාවයක් තිබේද මෙම පාලකයන් කටයුතු කලේ රට අනාථවන තමන් හා තම ගජමිතුරන් ගොඩයන ආර්ථික ක්‍රමයක් තුළ මිසක් රටේ දරුවන්ට අනාගතයක් හදන්න නොවේ. ඉදිරියටත් එය වෙනස් කරන පාටක් පෙනෙන්න නැත.
අපේ අයට මිත්‍රත්වය මතක් වෙන්නේ ණය ඉල්ලන්න ගියාමනේ.? අනික් වේලාවට පස්සේ යනවා.. සමහරවිට පෝර දෙන්නේ අපේ මිනිස්සු ගැන දුක හිතිලා වෙන්න ඇති... නැතුව රනිල්ට සලකලා නම් වෙන්න බැහැ...
ගෝඨාභයගේ කාලේ මුදල් ඇමැති ලෙස සිටි රනිල්, එකල රුසියාවෙන් පොහොර ආනයනය කරන්නට අවසර ලබා නොදී පොහොර ප්‍රශ්නය උග්‍ර වෙන්නට කටයුතු සැලැස්සුවා...