(විමුක්ති එස් රුද්‍රිගු)
ජාත්‍යන්තර ආචාර ධර්ම සහ නීති උල්ලංඝනය නොකර සහන මිලට රුසියානු බොරතෙල් මිලදී ගැනීමට හැකියාව තිබේනම් ශ්‍රී ලංකාව ඒ සඳහා කටයුතු කිරීමට සුදානම් බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා වියෝන් පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාකදී ප්‍රකාශ කළේය.
රුසියාව සහන මිලට බොරතෙල් ලබා දීම අනෙක් රටවලට ප්‍රශ්නයක් නොවන බවත් රුසියානු බොරතෙල් වෙළඳපොලෙන් ඉවත් කිරීමට කිසිම රටකට අවශ්‍ය නොවන බවත් සබ්රි මහතා පැවසුවේය.
පෙට්‍රෝලියම් නිෂ්පාදන, බොරතෙල්, ගල් අඟුරු, ධාන්‍ය වර්ග සහ පොහොර වල මිල ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංකාවට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් ලෝක වෙළඳපොලේ තෙල් මිල ශ්‍රී ලංකාවට දැරිය නොහැකි බවත් සබ්රි මහතා පෙන්වා දුන්නේය.ශ්‍රී ලංකාවෙන් සියයට 30 ක් කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියා වල නියුතු වන බව ඔහු ප්‍රකාශ කළේය.
රුසියානු බොරතෙල් වෙළඳපොලෙන් ඉවත් කළහොත් බොරතෙල් මිල ඉහළ යා හැකි බව සබ්රි මහතා පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදහස නම් අති විශිෂ්ඨයි. ඒත් ඉතිං කොමිස් නැතුව කොහෙ කරන්නද?