IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


රුසියාවෙන් න්‍යාෂ්ටික විදුලි බලාගාරයක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා රුසියාවේ න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රබලයකු වන රොසාටොම් සමාගම සමග එකඟතාවයකට පැමිණි බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි ජනිතා අබේවික්‍රම ලියනගේ මහත්මිය ප්‍රකාශ කර ඇත.

මෙම න්‍යෂ්ටික විදුලි බලාගාරය මඟින් ශ්‍රී ලංකාවේ විදුලිබල පද්ධතියට මෙගා වොට් 300ක ධාරිතාවයක් එක් කරනු ඇතැයි අබේවික්‍රම මහත්මිය පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික විදුලි බලාගාරයක් ඉදි කිරීම තුළින් මෙරට බල ශක්ති අර්බුදයට කල්පවතින විසඳුමක් ලැබෙන බව අබේවික්‍රම මහත්මිය පවසා තිබේ.

මෙම යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව අනාගතයේ දී ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන බවත් මේ පිළිබඳව ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සිය ද සොයා බලන බවත් අබේවික්‍රම මහත්මිය පෙන්වා දී ඇත.

 



අදහස් (8)

රුසියාවෙන් න්‍යාෂ්ටික විදුලි බලාගාරයක්

Indika Amarasinghe Thursday, 15 June 2023 06:40 PM

හොඳ වැඩක්...

:       0       1

නිහාල් Thursday, 15 June 2023 07:23 PM

රට මැද බලාගාරය තනන්න. නොරෙච්චෝලේ හැමදාම කැඩෙන හැටියට මේකෙත් විකිරණ කාන්දුවක් වෙච්චි ගමන් රටම ඉවරයි. එතකොට රටේ හැමෝගේම අපල ගෙවෙනවා. නැත්නම් කවදා වෙනකම් රීරි මාන්සේ පාර්ලිමේන්තුවේ ඉන්න උදවියට දන්දෙන්නද?

:       0       2

Prasanna Bandara Thursday, 15 June 2023 09:38 PM

මෙගාවොට් 300ක්...

:       0       0

විජෙ Thursday, 15 June 2023 09:44 PM

ඇමරිකානු ගැති රනිල් නම් ඕක කරන්නම දෙයි..., බලන් ඉන්න.

:       0       0

Kumar Thursday, 15 June 2023 10:14 PM

සෑම බලාගාරයකටම බලශක්ති ප්‍රභවයක් අවශ්‍ය බව අමතක කරන්න එපා. න්‍යෂ්ටික බලාගාරයකදී එය යුරේනියම් කූරු ලෙස යොදා ගනියි. ඒවා පාවිච්චි කළ පසු ඒවා වසර 10,000 ක් ආරක්ෂිතව ගබඩා කළ යුතුය. ලංකාවට එය දරාගත හැකිද? ලොස් ඇන්ජලීස් නගරයට දකුණින් විශාල පෞද්ගලික බලාගාරයකට අයත් මෙවැනි බලාගාරයක් තිබෙනවා. ඔවුන්ට ඒක වසා දැමීමට අවශ්‍ය වූ අතර ගැටලුව වී ඇත්තේ වියදම් කළ කූරු ආරක්ෂිතව ගබඩා කිරීමයි. එය ස්පර්ශ කරන සෑම දෙයක්ම විකිරණශීලී වේ. මම අවුරුදු 30 කට වැඩි කාලයක් කැලිෆෝනියාවේ ජීවත් වුණා. එම කාලය තුළ නව න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකර නැත. යාලුවනේ යුක්රේනයට මොකද වෙන්නේ කියලා බැලුවොත් ඔයාලට ආයෙත් හිතෙයි. න්‍යෂ්ටික හොඳ නම් බටහිර ආ ර් ති ක ඊට යොමුවෙනවා. ලංකාව මැස්සන් ගින්නට පනින්න ලෑස්ති ​​වෙනවා වගේ.

:       0       1

පැරකුම් Thursday, 15 June 2023 10:36 PM

ලංකාව ලෝක සිතියමෙන් මැකෙන දවස ලංවෙන බව කිවහැක.

:       0       0

Ranjan Friday, 16 June 2023 11:29 AM

ලෝකයේ වෙනත් රටවල් මෙම පරමාණු බලාගාර එකින්එක නවතා දමන අතර අපි ඒවා ගෙන්න ගන්නවා. මේවායේ විපාක නොදන්නා අය මෙවැනි දේවලට එකඟ වෙනවා.

:       0       0

Indika Amarasinghe Friday, 16 June 2023 12:10 PM

සුබ පණිවිඩයක්...! 

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 393 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 552 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site