
(අංජුල මහික වීරරත්න)
රුසියාවෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් ලක්ෂ 15ක් වටිනා සූරියකාන්ත තෙල් පරිත්‍යාගයක් සිදු කර තිබේ.
රුසියා සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකාව අතර අඛණ්ඩ සහයෝගීතාව පිළිඹිබු කරමින් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන හරහා මෙම පරිත්‍යාගය කර ඇත.
එම පරිත්‍යාගය නිල වශයෙන් ශ්‍රී ලංකා රජය වෙත බාරදීම කොළඹ ලෝක ආහාර වැඩසටහන් සහයෝගීතා පාර්ශව ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී සිදු කෙරිණි.
හදිසි ප්‍රතිචාර දැක්වීමේ වැඩසටහන යටතේ කර තිබෙන මෙම පරිත්‍යාගය දිවයින පුරා අඩු මඩකලපුව, නුවරඑළිය සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල පවුල් 8625ක් වෙත මෙහි ප්‍රතිලාභ හිමිවන බව ජනාධිපති කාර්යාලය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුළු ජාතීන් ඉන්න පැතිවලට විතරද දුප්පතුන් එන්නේ..?
දැන් ඉතින් සූර්ය කාන්ත තෙල් නිකම්ම ලැබුණා කියලා නිකං ඉන්න බැහැ. රුසියානු තෙල් විකුණා ඔවුන්ට ලාභයක් ලැබෙන ක්‍රමයක් හදන්න ඕනෑ.. එනිසා බලාගෙන ඉන්න කවුරු හරි කෙනෙක් කියන්න ගනීවි. පොල්තෙල් ආහාරයට ගන්න එපා කොලොස්ටරෝල් හැදෙනවා. සූර්ය කාන්ත තෙල් ආහාරයට ගන්න කියලා... එහෙම නොවුණත් ඉතින් ලංකාවට...