IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රුසියාවට යවන බව පවසා කෝටියක් වංචා කරලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචියකින් තොරව රුසියාවට යවන බව පවසා   පුද්ගලයින් 140 දෙනෙකුගෙන් පමණ  රවටා රුපියල් කෝටියකට අධික මුදල් ලබාගෙන වංචා කළ  පුද්ගලයින් තිදෙනකු  අත්අඩංගුවට ගත් බව මොරටුව මූලස්ථාන පොලිසිය කියයි.

අත්අඩංගුවට පත් වූවන් අතර රියදුරු පාසලක් පවත්වාගෙන යන පුද්ගලයෙක් වන බව පොලිසිය කියයි.

එම සැකකරුගේ රියදුරු පාසල  පරීක්ෂා කිරීමේදී විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 39 ක් හා ව්‍යාජ ලිපි ලේඛන විශාල ප්‍රමාණයක්  සොයා ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකියාව ලැබී ඇත.

රියදුරු පාසල පවත්වාගෙන යන ප්‍රධාන සැකකරු අනෙක් සැකකරුවන් දෙදෙනා එක්ව අවම මුදල වශයෙන් එක් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 06 සිට රුපියල් ලක්ෂ 14 මුදලක් උපරිමය ලබා  ගෙන ඇති මෙම වංචාවට හසුවූ පුද්ගලයින් පොලිසිය හමුවේ පැමිණිලි වලින් සනාථ වන බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

සැකකරුවන්ගේ වංචාවට කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පුද්ගලයන්   හසු වී තිබෙන බව එම පැමිණිලිවලින් වැඩිදුරටත් සනාථ වන බව පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කටුබැද්ද මොරටුව පදිංචිකරුවන්ය.

 

 

 



අදහස් (0)

රුසියාවට යවන බව පවසා කෝටියක් වංචා කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 492 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site