
දෙදින නිල සංචාරයක් සඳහා රුසියාවට ගොස් සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි උණුසුම් ලෙස පිළිගැනීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කටයුතු කළේය.
රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු, මෝදි රුසියාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙයයි. රුසියන් ජනාධිපති පුටින්, මෝදි වෙනුවෙන් විශේෂ පෞද්ගලික භෝජන සංග්‍රහයක් ද පැවැත්වීය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා රුසියාවට ගොස් සිටින්නේ ඉන්දු රුසියා ද්වී පාර්ශ්වික සබඳතා සම්බන්ධයෙන් පැවැත්වෙන සමුළුවට සහභාගී වීම සඳහාය. ගෝලීය සහ කලාපීය වැදගත් කරුණු කාරණා සම්බන්ධයෙන් මෝදි සහ පුටින් අතරේ සාකච්ඡා පැවැත් වෙයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාව ප්‍රමුඛ බටහිර නව යටත්විජිත පාලනය ලෝකයෙන් ක්‍රමයෙන් කොන් වෙමින් සිටිනවා, ඒ වෙනුවට රුසියාව, චීනය, දකුණු අප්‍රිකාව හා ඉංදියාව ප්‍රමුඛ රාජ්‍යයන් කිහිපයක් ලොවේ ප්‍රමුඛතම රාජ්‍යයන් බවට පත්වෙමින් ඉන්නවා. නැවතත් ද්වි ධ්‍රැවි ලෝකයක් නිර්මාණය වෙමින් පවතින බවක් තමයි පෙන්නුම් කරන්නේ. එය අපි වගේ පරිධියේ ඇති කුඩා රටවල් වලට යම්කිසි සැනසුම් සහගත තත්ත්වයක් වනු ඇත.