IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


රුසියාවට ඇමෙරිකාවට යුක්රේනය ගැන තීරණ ගන්න බෑ

රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සෞදි අරාබියේ දී, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවීමට නියමිතය.

ඇමෙරිකාවේත්, රුසියාවේත් නියෝජිතයන් කණ්ඩායම් සෞදියේ පැවැත්වෙන සාකච්ඡා සඳහා සහභාගී වනු ඇති අතර, ඔවුන් වෙනුවෙන් අවශ්‍ය සියලු පහසුකම් සැපැයීමට තමන් පියවර ගන්නා බව සෞදි රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ සාකච්ඡා ඇමෙරිකා සහ රුසියන් නායකයන්ගේ සහ නියෝජිතයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුවත්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීට ඒ සඳහා ඇරැයුම් කර නැතැයි පැවැසෙයි.

තමන් හෝ යුක්රේන රජයේ හෝ නියෝජිතයන් සහභාගී නොකර, රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට යෝජනා කරන කිසිදු යෝජනාවකට තමන් එකඟ නොවන බව යුක්රේන ජනාධිපති සෙලෙක්ස්කී තරයේ පවසා ඇත.

(ඒ.එෆ්.පී.)



අදහස් (4)

රුසියාවට ඇමෙරිකාවට යුක්රේනය ගැන තීරණ ගන්න බෑ

ආච්චි Tuesday, 18 February 2025 07:45 AM

තමන්ම කපලා මහගෙන ඇඳගෙන, ඉල්ලා ගෙන කාපු සෙලෙන්කි දැං බලු වෙලා. රා බීපු මීයෙක් වගේ ගේම ඉල්ලලා දැං පහ වෙලා. ඔන්න බොට හොඳ පාඩමක්.

:       8       39

de silva berlin Tuesday, 18 February 2025 12:55 PM

ලෝකේ බලවත් රටවල් වල ඉන්න ඒකාධිපති නායකයෝ උන්ට ඕනේ ඕනේ විදිහට අර ඉස්සර හිට්ලර් කල වගේ අසල්වැසි කුඩා රටවල් යුධ බලය යොදවා ආක්‍රමණය කරන එක හරිද ? කෙටියෙන් කියනවා නම් අපි කැමතිද ඉන්දියාව යුධ බලය යොදවල අපිව යටත් කරන එකට ?එහෙම කලහම එම රටවල රාජ්‍ය නායකයෝ නිර්භීතව තම සතුරාට විරුධව සටන් කර රට ආරක්ෂා කරන්න සටන් වදින එක වරදක්ද ? හැම රාජ්‍ය නායකයෙක්ම අර ජංගි විරුවා වගේ යට ඇදුමත් දමල පිටරටකට පලා යන්නේ නැහැ, සෙලෙන්ස්කි හරි ඔහුට ඇමරිකාව නැතිවුණත් යුරෝපේ උදවු තිබෙනවා. පුටින් කියන ඒකාධිපතියාට හෝ ට්‍රම්ප් කියන සුදුජතිවාධි සල්ලාල නකියට යුක්රෙනේ ගැන තීන්දු තීරණ ගන්න බැහැ ,

:       16       8

kasun balachandra Tuesday, 18 February 2025 02:42 PM

යුක්‍රේනියානු ජනාධිපතිතුමාගේ කතාව හරි කුඩා හා මධ්‍යම පරිමාණයේ රටවල්වල ස්වාධීනත්වය රැකගැනීම වෙනුව‍ෙන් තම රටේ ජනතාවගේ නිදහස හා අභිමානය වෙනුවෙන් සටන් කිරීම වීර ක්‍රියාවක් මහා බලවතුන්ගේ වහලුන් බවට කුඩා රටවල් පත්විය යුතු නැහැ .1987 දී ඉන්දියාව අපිට පරිප්පු දීලා බලෙන් ඉන්දු ලංකා ගිවිසුමක් අත්සන් කරගත්තා වගේ වැඩක් තමයි මේ යෝජනා කරලා තියෙන්නේ.

:       7       9

මුදිත් Tuesday, 18 February 2025 03:59 PM

හොඳ වැඩේ සෙලෙන්සිකිට! අනුන්ගේ හයිය අරන් වැඩකරන්න ගියහම ඔහොම තමයි! අපේ ජනාධිපතිතුමා වගේ බලවත් රටවල් වලට කොන්ද නමලා වැඩ කරන්න පුරුදු වෙන්න ඕනෙ!

:       3       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 37 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 411 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 857 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site