IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රුසියාවේ පාසල වෙඩි තැබීමකින් 13 මරුට

රුසියාවේ මධ්‍යම ප්‍රදේශයේ පාසලක  සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් 13 දෙනකු ජීවිතක්ෂයට පත්ව 21 දෙනකු තුවාල ලබා ඇති බව රුසියානු බලධාරීහු පවසති.

සිද්ධිය සිදු වූ පාසලේ ළමුන් 1000 පමණ ඉගෙන ගන්නා බවත් තුවක්කුකරු එම පාසලේම ඉගෙනගත් ආදී ශිෂ්‍යයකු බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

තුවක්කුකරු එම ස්ථානයේදීම සියදිවි නසා ගත් බව රුසියානු බලධාරීහු ප්‍රකාශ කළහ.සිද්ධිය සිදු අවස්ථාවේ වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදා හැර තිබෙන අතර එහි ලේ පැල්ලම් සහිත පන්තිකාමර දක්නට තිබෙන බව විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය.

සිද්ධියෙන් එම පාසලේ ඉගෙනුම ලැබූ ළමුන් හත් දෙනකු සහ වැඩිහිටියන් හයදෙනකු මිය ගොස් ඇති බව රුසියානු බලධාරීන් සඳහන් කළේය.

මිය වැඩිහිටියන් හය දෙනා අතර එම පාසලේ ගුරුවරුන් දෙදෙනකු සිටින බව රුසියානු බලධාරීහු පැවසූහ.වෙඩි තැබීමට හේතුව අනාවරණය වී නොමැති බව පැවසෙයි.

 



අදහස් (0)

රුසියාවේ පාසල වෙඩි තැබීමකින් 13 මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 339 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 211 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site