
රුසියාවේ මධ්‍යම ප්‍රදේශයේ පාසලක සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් 13 දෙනකු ජීවිතක්ෂයට පත්ව 21 දෙනකු තුවාල ලබා ඇති බව රුසියානු බලධාරීහු පවසති.
සිද්ධිය සිදු වූ පාසලේ ළමුන් 1000 පමණ ඉගෙන ගන්නා බවත් තුවක්කුකරු එම පාසලේම ඉගෙනගත් ආදී ශිෂ්‍යයකු බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
තුවක්කුකරු එම ස්ථානයේදීම සියදිවි නසා ගත් බව රුසියානු බලධාරීහු ප්‍රකාශ කළහ.සිද්ධිය සිදු අවස්ථාවේ වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදා හැර තිබෙන අතර එහි ලේ පැල්ලම් සහිත පන්තිකාමර දක්නට තිබෙන බව විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය.
සිද්ධියෙන් එම පාසලේ ඉගෙනුම ලැබූ ළමුන් හත් දෙනකු සහ වැඩිහිටියන් හයදෙනකු මිය ගොස් ඇති බව රුසියානු බලධාරීන් සඳහන් කළේය.
මිය වැඩිහිටියන් හය දෙනා අතර එම පාසලේ ගුරුවරුන් දෙදෙනකු සිටින බව රුසියානු බලධාරීහු පැවසූහ.වෙඩි තැබීමට හේතුව අනාවරණය වී නොමැති බව පැවසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd