රුසියාවේ නැගෙනහිර ප්‍රදේශයේ රිච්ටර් මාපාංක 7.4ක ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇතැයි ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණාගාරය පවසයි.
නිකොලෙස්කේ නගරයට කිලෝමීටර් 82ක් බටහිරින් හා කිලෝමීටර් 9ක් ගැඹුරින් කම්පන කේන්ද්‍රය පිහිටා ඇති බවද ඔවුහු සඳහන් කරති.
කම්පන කේන්දුයෙන් කිලෝමීටර් 300ක සීමාවේ වෙරළ තීරයන් වෙත සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. කෙසේ වුවද ප්‍රබල සුනාමි රළ ඇති නොවනු ඇතැයි විශ්වාස කෙරෙයි.
මෙම ප්‍රදේශය ජනගහනය අඩු කළාපයක් වන අතර මෙතෙක් අලාභ හානි වාර්තා වී නැතැයි රුසියානු මාධ්‍ය පවසයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd