IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රුසියාව - උතුරු කොරියාව අලුත් මාවතකට

(විමුක්ති එස් රුද්‍රිගු)

අනාගතයේදී රුසියාවට හෝ උතුරු කොරියාවට සතුරු රාජ්‍යයකින් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරුදීම සඳහා රටවල් දෙකම එකතුවන බව රුසියා ජනාධිපති ව්ලැදිමිර් පුටින් මහතා ප්‍රකාශ කළේය.

මෙමගින් උතුරු කොරියාව සහ රුසියාව අතර සබඳතාවය නව මානයකට යොමු කරනු ඇතැයි ද ඔහු කීවේය. 

උතුරු කොරියාවේ සංචාරයකට පැමිණි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා එසේ ප්‍රකාශ කළේය.

ඒ සඳහා වන නව උපාය මාර්ගික හවුල්කාරිත්වයට උතුරු කොරියාවේදී අත්සන් තැබීමෙන් අනතුරුව රුසියානු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

මීට පෙර 1961, 2000 සහ 2001 වසරවලදී උතුරු කොරියාව සහ රුසියාව උපාය මාර්ගික හවුල්කාරිත්ව ගිවිසුම්වලට අත්සන් තබා තිබිණි. දේශපාලන, වෙළඳ, ආයෝජන සංස්කෘතික සහ ආරක්ෂක යන අංශ ඇතුළත් වන පරිදි නව හවුල්කාරිත්වය ඇතිකර ගත් බවත් නව හවුල්කාරිත්වය යටතේ එක් රටකට සතුරු රාජ්‍යයකින් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඒ සඳහා මුහුණ දීමට අනෙක් රට සහාය ලබා දෙනු ඇති බවත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කළේය.

එක්සත් ජනපදය, දකුණු කොරියාව සහ ජපානය සිදුකරන ඒකාබද්ධ යුද අභ්‍යාස උතුරු කොරියාවට තර්ජනයක් බවද රුසියානු ජනාධිපතිවරයා පැවැසුවේය.

රුසියන් ජනාධිපති ලෙස පුටින් උතුරු කොරියාව බලා පැමිණියේ වසර 24 කට පසුව වීම විශේෂත්වයකි.

මීට පෙර පසුගිය වසරේ සැප්තැම්බරයේ උතුරු කොරියානු නායකයා ඔහුගේ විශේෂ දුම්රියෙන් දේශසීමා හරහා රුසියාවට පැමිණියේය. ඒ ද්වීපාර්ශ්වික සාකච්ඡා සඳහාය.

 



අදහස් (0)

රුසියාව - උතුරු කොරියාව අලුත් මාවතකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 524 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site