
රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.
රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් ආරම්භ කිරීමෙන් පසු, රුසියාව ඔවුන් සතු මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළ පළමු අවස්ථාව වන්නේ මෙයයි.
රුසියානු හමුදා මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල භාවිතයට ගනිමින් පහර දුන්නේ යුක්රේනයේ දිනිප්‍රෝ නමැති නගරයටය. රුසියන් හමුදා මෙසේ පහර දුන්නේ, යුක්රේනය, ඇමෙරිකාවෙන් සහ එක්සත් රාජධානියෙන් ඔවුන්ට ලැබී ඇති දිගු දුර මිසයිල භාවිතයට ගනිමින් රුසියාව අභ්‍යන්තරයේ ඉලක්ක වෙත පහර දීම ආරම්භ කර ඇති බැවිනි.
තමන් ලබා දුන් අවිවලින් රුසියාවේ අභ්‍යන්තර ඉලක්ක වෙත පහර දෙන්නැයි යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කීට අවසර ලබා දී ඇත්තේ ධුරයෙන් සමු ගැනීමට සූදානමින් සිටින ජෝ බයිඩන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුක්රේනය යුද්ද කරන්නේ අනුන්ගෙන් ඉල්ලා ගත් ආයුධවලින් රුසියාව පහර දෙන්නේ තමන්ගේම ආයුධවලින් ඉදිරියට ට්‍රම්ප්ගේ සපෝර්ට් එක නොලැබී යන්න පුළුවන්.
යන යකා කොරහත් බිඳගෙනම යනවා කියන්නේ මේවට තමයි.