(ටී.කේ.ජී.කපිල සහ ශ්‍රීනාත් ප්‍රසන්න)
රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයේ සහාය නියමුවකු ඊයෙ (15) රාත්‍රී ඔහු නවාතැන් ගෙන සිටි හෝටලයේ ඇද වැටීමෙන් මරණයට පත් වී ඇති බව කටුනායක පොලිසිය කියයි.
63 හැවිරිදි Dovgaienko Valerii නැමැති මෙම සහාය ගුවන් නියමුවා ඔවුන් නැවතී සිටි කටුනායක පීල්ලවත්ත ප්‍රදේශයේ හෝටලයේ කානුවකට ඇද වැටී ඇතැයි හෝටල් සේවකයෝ කියති.
පසුව කටුනායක පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් මෙම ගුවන් නියමුවා මීගමුව මහ රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර , පරීක්ෂා කර බලා මොහු මිය ගොස් ඇති බවට වෛද්‍යවරුන් සනාථ කර තිබේ .
මෙම මරණයට හේතුව හෘදයාබාධයක් විය හැකි බවට සැක කරන අතර , මේ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය මීගමුව මහ රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබුණි .
මෙම සහාය ගුවන් නියමුවා අද (16) දින දහවල් 12.30 ට කටුනායක ගුවන් තොටුපොළෙන් රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව එරොෆ්ලොට් ගුවන් යානයේ සහාය නියමුවා ලෙස කටයුතු කිරීමට නියමිතව සිටියේය .
2025 දෙසැම්බර් මස 18
523
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රුසියන් සහායක ගුවන් නියමුවා හදිසියේ මරුට