
ඉන්දියාවේ ‘චන්ද්‍රයාන් 3’ රොබෝ යානය පමණක් නොව, රුසියාව වසර 47 කට පසු සඳ ගවේෂණයට යැවූ ‘ලූනා 25’ රොබෝ යානය ද මේ වනවිට සඳුගේ කක්ෂයට පිවිස සිටී.
මෙම රොබෝ යානා දෙකම ලබන සතියේ සඳුගේ දක්ෂිණ ධ්‍රැවයේ තෝරා ගත් ස්ථාන දෙකකට පතිත කිරීමට නියමිතය.
මීට පෙර දක්ෂිණ ධ්‍රැවයට රොබෝ යානා පතිත කිරීමක් සිදු වී නැතැයි විදෙස් මාධ්‍ය පවසයි.
ඒ අනුව, ‘චන්ද්‍රයාන් 3’ මෙහෙයුමත්, ‘ලූනා 25’ මෙහෙයුමත් ඉතා වැදගත් වෙයි.
මෙම යානා දෙකේ ප්‍රධාන අරමුණ සඳේ පස්වල ඇති ජල අංශු අධ්‍යයනය කිරීමය.
පළමුවෙන් සඳට පතිත කරනු ඇත්තේ ‘ලූනා 25’ යානයයි. ඒ ලබන අගෝස්තු 21 වැනිදාය.
‘වික්‍රම්’ යන නමින් නම් කළ ඉන්දීය යානය සඳට පතිත කරනු ඇත්තේ අගෝස්තු 23 වැනිදාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd