
‘රොස්කොස්මොස්’ රුසියන් අභ්‍යවකාශ ආයතනයේ විද්‍යාඥයන් සඳ ගවේෂණයට යැවූ ‘ලූනා 25’ රොබෝ යානය, සඳට කඩා වැටුණි. රොබෝ යානය හෙට (21) දිනයේ සඳට පතිත කිරීමට නියමිතව තිබුණි.
රුසියන් විද්‍යාඥයන් අවශ්‍ය උපදෙස් ලබා දෙමින්, ‘ලූනා 25’ යානය සඳට පතිත කිරීමට හසුරුවද්දී එය සඳට කඩා වැටුණු බව පැවැසෙයි. ඒ අනුව, වසර 47 කට පසු සඳට යානයක් යැවීමට රුසියාව ගත් උත්සාහය අසාර්ථක විය.
අගෝස්තු 11 වැනිදා, රුසියාවේ ‘සොයූස් 2’ රොකට්ටුවේ ආධාරයෙන් අභ්‍යවකාශයට තල්ලු කෙරුණු ‘ලූනා 25’ යානය සඳුගේ කක්ෂයට පිවිසියේ පසුගිය 16 වැනිදාය.
කුඩා මෝටර් රථයක් තරම් වූ ‘රොස්කොස්මොස්’ යානය, නිපදවීමට රුසියන් රූබල් මිලියන 100 ත් 200 ත් අතර මුදලක් වැය විය.
මේ වනවිට ඉන්දියාව සඳ ගවේෂණයට යැවූ ‘චන්ද්‍රයාන් 3’ රොබෝ යානය ද සඳුගේ කක්ෂයට පිවිස සිටී. ඉන්දීය යානය සඳට පතිත කරන්නේ එලැඹෙන 23 වැනිදාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුසියාවේ සමහර ප්‍රෙද්ශවල අවශ්‍ය මූලික පහසුකම් පවා නැහැ. නමුත් පාලකයෝ උත්සාහ කරන්නේ යුද්ධ කරලා අසල්වැසි රටවල් අල්ලගන්න සහ ගුවන් යානා යවන්න...
මේ අයට හොඳටම පිස්සු... මේ ලෝකයේ බොන්න වතුර පොදක් නැතිව කෝටි ගණන් මිනිස්සු දුක් විඳිද්දී ආයේ හඳේ මොනවා හොන්න දඟලනවාද කියලා තේරෙන්නේ නෑ. මිනිස්සුනේ මේ මහ පොළව රැකගන්නවා මිස වෙන විකල්ප නෑ. මේක වනසන ගමන් වෙන ග්‍රහලෝක හොයනවා. ඒ හම්බවුණත් ඒවත් විනාශ කරන එකයි කරන්නේ.
චන්ද්‍රයාන්ට ජය වේවා. ඉන්දියාව ගොඩ ගියොත් අපිටත් වාසියි. හැබැයි මොනවා හරි දෙන්න වෙනවා.