(විමුක්ති එස් රුද්‍රිගු)

එම්.අයි.ආර් ලෙස හඳුන්වන රුසියානු මීර් ගෙවීම් පද්ධතියට ශ්‍රී ලංකාවේ භාවිතා කිරීමට අනුමැතිය දීම මෙම අවස්ථාවේ අපහසු බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.

බටහිර රාජ්‍යයන් රුසියාවට 2014 වසරේ දී සම්බාධක පැනවීමත් සමග මෙම ගෙවීම් ක්‍රමය හඳුන්වා දුන් අතර රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමග වීසා සහ මාස්ටර් කාඩ්පත් භාවිතය රුසියානුවන්ට අත් හිටුවිමත් සමග මෙම ගෙවීම් ක්‍රමය රුසියාවේ ප්‍රධාන ගෙවීම් ක්‍රමය විය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය තහවුරු කර ඇති පරිදි ඇමෙරිකානු සම්බාධක හමුවේ මෙම අවස්ථාවේ රුසියානු එම්.අයි.ආර් කාඩ්පත් සඳහා අනුමැතිය ලබා දීම ඉතාමත් අපහසු බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දුන්නේය.

රුසියානු ගෙවීම් පද්ධතිය වන එම්.අයි.ආර් සමඟ සම්බන්ධ වීමේ හැකියාව පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් මොස්කව් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත්, මහ බැංකු අතර සාකච්ඡාව සිදුවෙමින් පවතින බවත් පසුගිය මාසයේ වාර්තා විය.

කියුබාව, දකුණු කොරියාව, තුර්කිය, වියට්නාමය සහ පැරණි සෝවියට් සමූහාණ්ඩුවේ අතලොස්සක් එම්.අයි.ආර් ගෙවීම් පද්ධතිය දැනටමත් පිළිගෙන තිබේ.