(අංජුල මහික වීරරත්න)
රුසියානු එයාරෝ ෆ්ලොට් ගුවන් යානය පිළිබඳ ගැටළුව රාජ්‍ය තාන්ත්‍රික එකක් නොවන බවත් සමාගම් දෙකක් අතර ඇති වූ පෞද්ගලික ගැටළුවක් බවත් රුසියා බලධාරීන්ට දැනුම් දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විදේශ අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ.
එයාරෝෆ්ලොට් ගුවන් යානය සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටළුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග සාකච්ඡාවක් පවත්වා මෙම උපදෙස් ලබා දුන් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
මෙම ගුවන් යානය සම්බන්ධයෙන් අධිකරණ කටයුතු කඩිනම් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අගමැතිවරයා අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතාටද උපදෙස් ලබා දී තිබේ.
එයරෝ ෆ්ලොට් ගුවන් යානය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පිළිබඳව මාධ්‍ය හමුවක් පවත්වා කරුණු දක්වන ලෙස අගමැතිවරයා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාට උපදෙස් ලබා දුන් බවත් අගමැති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන ඉන්දියන්, ඇමෙරිකා රෝ, සී.අයි.ඒ. ගේමක් යන්නේ… ඩයස්පෝරාව, ජවිපය හරහා මෙය කරවනවා. ව්‍යවස්ථාදායකය හා විධායකය අතර ගට්ඨනයක් ඇතිකර ජනපති ඉවත් කිරීම, දෝෂාභියෝගයක දී ගෝඨාභයට විරුද්ධව පවත්වා ගැනීම මූලික අරමුණයි. ඩයස්පෝරා, මුදල්, නීතිපද්ධතිය තුළට දැඩිලෙස ගලායන බව සැක සහිතයි. ඉතිහාසයේ කිසිදිනයක සිදුවී නොමැති ජනපති නිදහස ලබාදුන් දුමින්ද සිල්වා නැවත ඇතුළට දැමීම, රුසියානු ගුවන් යානයට තහනම් නියෝග ගැනීම පිළිබඳව සිතා බලන්න. මේ සඳහා කටයුතු කළ නීතිවේදීන් පිළිබඳව සොයන්න. ඩයස්පෝරාව නීතී සංගම් සල්ලිවලට අරන් ඉවරයි. ගෝඨාභය ඉතා ප්‍රවේශමෙන් ඉවසිලිවන්තව කටයුතු කළ යුතුයි.
බයිලා දේශපාලන.. අනාගතයේ කඩිනම් ප්‍රතිඵල ලැබිය යුතුයි..
මේ වගේ තුට්ටු දේකේ ප්‍රශ්නයකට ගුවන් යානයක් රඳවගෙන , අපේ රට වෙනුවෙන් ඉදිරිපත් වෙන දැවැන්ත මිතුරෙක් රටට අහිමි කරගත්ත..රාජ්‍යතාන්ත්‍රික ප්‍රශ්නයක් "නොවන' ප්‍රශ්නය කොච්චර ද කියනව නම් රුසියානු රජය සියලුම රුසියන් සංචාරකයන්ට නැවත මව් රටට එන්න කියල දැනුම් දීල..ලෝක යුද්ධයක් යන මේ වෙලාවෙ , වෙන අවස්ථා වලදීතරම් ගණන් නොගන්න ප්‍රශ්නයක් වුවද ඉතා බැරෑරුම් වන බව තේරුම් ගන්න බැරි තකතීරුවො ඉන්න රටක අනික් ප්‍රශ්න විසඳන හැටි කවර කතා ද..? විධායක බලය තියෙන්නෙ මේව විසඳන්න නෙවෙයි ද..? අනේද කියන්නෙ..
ඔය ප්‍රශ්ණය රාජතාන්ත්‍රික නොවන්නේ කොහොම ද? මෙරටට බාධාවකින් තොරව රුසියානු ගුවන්යානාවලට පැමිණීමට හා පිටවීමට ඉඩ දෙන බව ප්‍රකාෂකලේ රජය නොවෙයිද? ඒ පොරොන්දුව කඩ වීමයි රුසියාවට තිබෙන ප්‍රශ්නය? එරෝෆ්ලොට් නඩුව කාගේ උනත් අපිට කමක් නැහැ. කාගේවත් පවුද්ගලික ප්‍රශ්න අපි විසඳන්න ගිහිල්ලා අපේ මිත්‍ර රටක් සමග තිබෙන සම්බන්දකම් නැතිකර ගන්න තරම් අපේ පාලකයෝ ගොන් ැට්ටෝද?
ශ්‍රී ලංකාව රටක් වසයෙන් IMF , WORLD BANK , ADB , හෝ වෙනත් ගෝලීය ආයතනයකින් නය ලබාගෙන මේවනවිට ගෙවා ගත නොහැකිව ණය ප්‍රතිව්‍යහගත කිරීමක් හෝ පොලිය අත්හිටුවා සහන කාලයක් හෝ ලබාදෙන ලෙස ලංකාව ගෝලීය ආයතන වෙතින් ඉල්ලා ඇත. IMF ආයතනය එසදහා ලංකාවේ සැලසුම ඉදිරිපත්කරන ලෙස කියා සිටියේය. ඉන්පසු IMF වෙතින් යෝජනා සහ ලංකාවේන් සිදුවිය යුතු විකල්පයන්ද ඉදිරිපත් කෙරෙනු ඇත. එවැනිම ඉල්ලීමක් ලංකවේ S M V නමින් පිහිටුවා තිබෙනාවූ කුඩා සහ මධ්‍යම ව්‍යාපාරිකයන් රජයෙන් ( මහබැංකුව ) වෙතින් ඉල්ලා ඇත.
පෞද්ගලික අංශයේ ලක්ෂ 45කගේ රැකියා අහිමිවීමේ අනතුරක| මාසයක් ඇතුලත අපේ ව්‍යාපාර වහලා දාන්නම වේවි| එවැනිම ඉල්ලීමක් ලංකවේ S M V නමින් පිහිටුවා තිබෙනාවූ කුඩා සහ මධ්යම වියාපරිකයන් රජයෙන් ( මහබැංකුව ) වෙතින් ඉල්ලා ඇත. මහබැංකුව විසදුමක් වසයෙන් කියා සිටින්නේ සේවක ප්‍රමාණය අඩු කරන ලෙස වේ. සේවක ප්‍රමාණය අඩු නොකර ඔවුන්ගේ වැටුප් තලයන් අනුව යම් % වැටුප අඩුකිරීම මධ්‍යපරිමාණ ව්‍යාපාර වෙතින් කලහැකිවේ. දෙවනුව සුළුපරිමාණ ව්‍යාපාර.
ඔබ හරි, අපේ රටෙන්ද සෙලෙන්ස්කි වරු බිහි වෙමින් පවතී. තවමත් බටහිර ගැති බවින් මිදී නැත. බටහිර ගැති වීමෙන් පසුගිය වසර 5ට ලැබුනු සංවර්ධනයක්ද නැත. රුසියාව, චීනය, ඉන්දියාව, පකිස්ථානය, බංගලාදේශය, ජපානය වැනි කලාපීය මිතුරන් සියල්ල තුල විශ්වාසය හා මිත්‍රත්වය ගොඩ නගා ගත යුතුය. ඉදිරි දැක්මක් ඇත්නම් අවම වශයෙන් ප්‍රවාහනය, බලශක්ති හා නිෂ්පාදන කර්මාන්ත වලට අත්‍යාවශ්‍යව ඇති ඉන්ධන, ආහාර අහේනිය අවම කර ගැනීමට තිරිගු පිටි හා විදේශ විනිමය සඳහා සංචාරක කර්මාන්තය කෙරෙහි පමණක් වත් අවධානය යොමු කලහොත් රුසියාවේ වැදගත්කම හඳුනාගැනීම අපහසු නැත.. ව්‍යවස්ථා සංශෝධන ගැන කාලය ගත කල යුතු නැත, දැනට ද්විත්ව පුරවැසි බව අහෝසි කිරීම ප්‍රමාණවත්ය. කල දුටු කල වල ඉස ගැනීමට සැරසෙන්නවුන්ගේ ගැටලු වලට අසු වී අනවශ්‍ය දේට පමණක් කාලය වැය කරන්නේ ඇයි. මේ සැම කල් මරන්නේ ජනතාව ඉල්ලන දේවල් සඳහා නොවේ.