(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජාවාරම්කරුවන් පිරිසක් විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් රුසියාවට යුක්රේනයට යවා හමුදා සේවයට බඳවාගෙන ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්‍ෂණ අරඹා ඇතැයි අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය.
විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ පිළිබඳව කරුණු සොයා බලාගෙන යන බවද ඔහු සඳහන් කළේය.
විපක්‍ෂනායකවරයා මෙසේ පැවසුවේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
දයාසිරි ජයසේකර මහතා මෙසේද පැවසීය.
අපේ හමුදා සෙබලු අරන් ගිහිල්ලා රුසියාවේ යුද්ධයට පාවිච්චි කරනවා. කුසන්ත ගුණ සිංහ කියන පුද්ගලයා තවත් කිහිපදෙනෙකු අරන් ගිහිල්ලා යුද ටැංකියක් ඇතුළට දානවා. ඒ යුද ටැංකිය පුපුරලා දෙන්නෙක් මැරෙනවා. මේ පුද්ගලයා පැනලා එළියට එනවා. දැන් මේ කුෂන්ත ගුණසිංහ අතුරුදහන්. මේ හොඳට වැඩ කරපු හමුදා නිලධාරියෙක්.
මේ ජාවාරම කරන්නේ ඉන්දියාවේ නීතිඥයෙක්. එක්කෙනෙක්ගෙන් ලක්ෂ දහඅටක් අරගෙන. අපේ හමුදා නිලධාරීන් රුසියාවටත් යුක්රේන හමුදාවටත් බැඳිලා. ලංකාවේ අය දෙපැත්තට බෙදිලා දැන් ගහගන්නවා. මේ විදිහට කීදෙනෙක් අරගෙන ගිහින් තියෙනවද. දැනට කීපදෙනෙකු අත්අඩංගුවට අරගෙන තියෙනවා. දැන්වීමක් දාලා තමයි මේ අය අරගෙන යන්නේ. මේක සම්පූර්ණයෙන්ම නීති විරෝධී කටයුත්තක්. ආදායම් මාර්ග නැති නිසා අපේ හමුදාවේ අය යනවා. විශ්‍රාමික හමුදා නිලධාරීන්. මේ ගැන ආණ්ඩුව ගන්නා පියවර මොකක්ද කියලා මම ප්‍රශ්න කරනවා. මේ අය බලහත්කාරයෙන් යුද භූමියට යවන්නේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය. විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ පිළිබඳව කරුණු සොයා බලාගෙන යන බවද ඔහු සඳහන් කළේය. විපක්‍ෂ නායකවරයා මෙසේ පැවසුවේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා මේ සම්බන්ධයෙන් මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. දැන් විජේදාස ද විපක්ෂ නායකයා...!