IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රුසියා - යුක්රේන හමුදාවට යවන ජාවාරමක් ගැන පරීක්ෂණ

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ජාවාරම්කරුවන් පිරිසක් විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් රුසියාවට යුක්රේනයට යවා හමුදා සේවයට බඳවාගෙන ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන්  පොලිසිය පරීක්‍ෂණ අරඹා ඇතැයි  අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය.

විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ පිළිබඳව කරුණු සොයා බලාගෙන යන බවද ඔහු සඳහන් කළේය.

විපක්‍ෂනායකවරයා මෙසේ පැවසුවේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

දයාසිරි  ජයසේකර මහතා මෙසේද පැවසීය.

අපේ හමුදා සෙබලු අරන් ගිහිල්ලා රුසියාවේ යුද්ධයට පාවිච්චි කරනවා. කුසන්ත ගුණ සිංහ කියන පුද්ගලයා තවත් කිහිපදෙනෙකු  අරන් ගිහිල්ලා  යුද ටැංකියක් ඇතුළට  දානවා. ඒ යුද ටැංකිය  පුපුරලා දෙන්නෙක් මැරෙනවා. මේ පුද්ගලයා පැනලා එළියට එනවා. දැන් මේ කුෂන්ත ගුණසිංහ අතුරුදහන්. මේ හොඳට වැඩ කරපු හමුදා නිලධාරියෙක්.

මේ ජාවාරම  කරන්නේ ඉන්දියාවේ  නීතිඥයෙක්. එක්කෙනෙක්ගෙන් ලක්ෂ දහඅටක් අරගෙන. අපේ හමුදා නිලධාරීන් රුසියාවටත් යුක්රේන හමුදාවටත්  බැඳිලා. ලංකාවේ අය දෙපැත්තට බෙදිලා දැන්  ගහගන්නවා. මේ විදිහට කීදෙනෙක් අරගෙන ගිහින් තියෙනවද.  දැනට කීපදෙනෙකු අත්අඩංගුවට අරගෙන තියෙනවා. දැන්වීමක් දාලා තමයි මේ අය අරගෙන යන්නේ. මේක සම්පූර්ණයෙන්ම නීති විරෝධී කටයුත්තක්. ආදායම් මාර්ග නැති නිසා අපේ හමුදාවේ අය යනවා.  විශ්‍රාමික හමුදා නිලධාරීන්. මේ ගැන ආණ්ඩුව ගන්නා පියවර මොකක්ද කියලා මම ප්‍රශ්න කරනවා. මේ අය බලහත්කාරයෙන් යුද භූමියට යවන්නේ.



අදහස් (1)

රුසියා - යුක්රේන හමුදාවට යවන ජාවාරමක් ගැන පරීක්ෂණ

Kamal Koyrala Wednesday, 24 April 2024 02:31 PM

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය. විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ පිළිබඳව කරුණු සොයා බලාගෙන යන බවද ඔහු සඳහන් කළේය. විපක්‍ෂ නායකවරයා මෙසේ පැවසුවේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා මේ සම්බන්ධයෙන් මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. දැන් විජේදාස ද විපක්ෂ නායකයා...!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 426 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site