(සුජිත් හේවාජුලිගේ )
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරන බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද මහතා පැවසීය.
එසේම මහ මැතිවරණය වෙනුවෙන්ද තම පක්ෂයෙන් අපේක්ෂකයන් දිස්ත්‍රික්ක විසිදෙකටම ඉදිරිපත් කරන බව සඳහන් කළ හෙතෙම දූෂණයට විරුද්ධ මැති ඇමතිවරුන් රැසක් තම පක්ෂය වටා එකතුවීමට නියමිත බවද සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ බලපිටියේ පැවති රැස්වීමකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ ඡන්ද දායකයෝ ඔක්කොම ඉදිරිපත් වුණානම් හරි
පොඩි ඇප මුදලක් තැම්පත් කර නොයෙක් වරප්‍රසාද ගන්න ක්‍රමයක්ද?
පිස්සු නැත්නම් ශෝක්.
ඔබ එහෙමත් හොඳ කෙනෙක්... නමුත් මේ වෙලාවේ වැඩක් නැතිවෙයි ඔබට... කල්පනා කරලා ඉදිරිපත් වෙන්න.
දූෂණයට විරුද්ධ මැති ඇමැතිවරු ඉන්නේ මාලිමාවේ. ඇතුමන්ලා කොහොමටත් ඔයාත් එක්ක එකතු වෙන්නම නැහැ. හැබැයි ලාංචනය නම් අබලන් වාහන හොඳයි.
"මැස්සෙක් ගිය උඩ කිව්වලු.." පහුගිය කාලේ මඩ ගොහොරුවේ ලගපු මඩ කරියෙක් බල්ටියක් ගැහුවා කියලා මේ රටේ ජනතාව නම් රැවටෙන්නේ නැහැ... මොනා උනත්, ඒ බල්ටිය නම් සුන්දරයි.. ඒත්, රටක නායකත්වය දැරීමට ඒ ජවුසම් බල්ටි ප්‍රමාණවත් නොවන බව තේරුම් ගත යුතුයි... අලි බබාගේ හොර කල්ලිය දැන් කල්ලි කිහිපයකටම බෙදී කරන මේ විගඩම් වලට ජනතාව නම් තම්බන්න බැහැ... වැඩ බැරි ටාසන් නොහොත් කටින් පුටින් කෙනෙක් ගෙනවිත් කරගත්තු අපලය ජනතාවට තවම අමතක වෙලා නැහැ... "ඇඟිල්ලේ තරමට ඉදිමෙන එක" ඔය කොයි කාටත් ගුණයි ...
ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න දන්නේ නැති උනාම මෙහෙම විකාර සිතුවිලි හිතට එනවා. ඡන්ද 1500 ක් විතර ගනීවි.
ජනාධිපති ඡන්දෙට ඉදිරිපත් වුණෘ කියන එකත් සතුටක් වෙන්න ඇති.. අනේ පව් කියන්න තමයි තියෙන්නේ...!
ඉස්සර ජනාධිපතිවරණෙකට ඉදිරිපත් වෙනවා කියන්නේ මහා භාරධූර වැඩක්. හැබැයි අර පොළොවෙන් උපන්න උන්නැහේ ජනපතිකම් කරපු කාලෙන් පස්සේ දැන් හැම කෙනාට ඒක හරි ටොයිස් වැඩක් කියලා හිතිලා තියෙන්නේ. එච්චරටම ඒ තනතුර බාල්දු වෙලා. හෙට අනිද්දා අපේ ගෙදර බල්ලත් කියයි ද දැන්නේ නෑ, "උඹලගෙන් කෑව බිව්වාට, රටේ ජනාධිපතිවරණෙට ඉල්ලන්ඩත් පුළුවන් එකෙක් මං" කියලා.. මට හිතෙන විදියට නම්, අපිට මේ පාලන ක්‍රමය හරියන්නේ නෑ. මේකෙන් හැමදාම අපි ශක්තිමත්ව එකතු වෙනවාට වඩා වෙන්නේම කෑලි කෑලිවලට කැඩිලා, බෙදිලා වෙන්වෙලා දුර්වල වෙන එක විතරයි...
මාස කීපයකට කලින් ක්‍රිකට් නාටකය නටනකොටම අපි නම් දැනගත්තා ගොනා හැරෙන්නේ කෙහෙල් පැලේ කන්න තමයි කියලා. පොහොට්ටුව බේරාගන්න පොහොට්ටුවෙන්ම දාපු එක්කෙනෙක් මෙයා...!
අහලවත් නැති ප්‍රශ්නයක්