(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
සමගි ජනබලවේගයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සහ හිටපු අමාත්‍යවරයකු වන රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් තමා ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා අද(05) අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.
නීතිවිරෝධී ලෙස රැදවුම් බාරයේ තබා ගෙන සිටින තමන්ව වහාම මුදාහරින්නැයි ඉල්ලා රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා වන රියාජ් බදියුදීන් වෙන වෙනම ගොනු කල මෙම පෙත්සම් මුර්දු ප්‍රනාන්දු අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය.
එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු මහින්ද සමයවර්ධන මහතා දැනුම් දුන්නේ පුද්ගලික හේතුවක් මත තමා එම පෙත්සම් සලකා බැලීමෙන් ඉවත් වන බවය.
ඒ හේතුවෙන් මෙම පෙත්සම් වෙනත් විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීම සදහා ලබන 08 වැනිදාට කල් තැබීමටද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කෙරිණි.
ඒ අනුව මෙම පෙත්සම් සලකා බැලීමෙන් ඉවත් වූ සිව්වැනි විනිසුරු වන්නේ ද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතාය.මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා යසන්ත කෝදාගොඩ සහ ඒ.එච්.එම්.ඩී .නවාස් යන මහත්වරුන් ද පෞද්ගලික හේතූන්මෙ මත ම පෙත්සම් සලකා බැලීමෙන් ඉවත් වූහ.
කිසිදු නීතිවිරෝධී කටයුතුවලට සම්බන්ධ නොමැති තමන් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පොලිස් රැදවුම් බාරයේ රඳවා ගැනීම නීතිවිරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ඔවුන් එම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ විභාග කරන්න දෙයක් නෑ කියන එකද?
මේ සිදුවීම පිටුපස යම්කිසි දෙයක් ඇත. වහාම පරීක්ෂණක් කෙරෙනු ඇතැයි සිතමි..
ඔය විසඳගන්න බැරි නඩු, හොරකම් 5 වසර ශිෂ්‍යත්වයට ප්‍රශ්න හදලා ළමයින්ට දෙන්න. අනිවාර්යයෙන්ම ලංකාවේ විසඳන්න බැරි ප්‍රශ්න 5 පන්තියේ ළමයි විසඳාවි.