(නිමන්ති රණසිංහ)
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවෙසේ මෙහෙකාර සේවයේ යෙදීසිටියදී සිරුරට ගිණී ඇවිලී බරපතල ලෙස පිළිස්සුම් තුවාල සිදුවී රෝහල්ගත කර සිටි බාලවයස්කාර දැරියක අද (15) උදෑසන මිය ගිය බව බොරැල්ල පොලීසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ අද (15) දැනුම් දුන්නේය.
ඒ අනුව, මහේස්ත්‍රාත්වරිය කොළඹ ජාතික රෝහලේ 73 වාට්ටුවේ දැඩි සත්කාර ඒකක 2හි ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය දැරිය නිරීක්ෂණය කිරීම සදහා අද (15) පිටත්ව ගියාය.
පසුව, දැරිය පිළිස්සුම් තුවාල ලත් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ අංක 410/16, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ලිපිනයෙහි පිහිටි නිවසට ගොස් ස්ථානීය පරීක්ෂණයක් ද මහේස්ත්‍රාත්වරිය විසින් සිදුකරනු ලැබුවාය.
දැරියගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණයක් සිදුකරන ලෙසට මෙහිදී බොරැල්ල පොලීසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළේය. එහිදී දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකර අධිකරණයට වාර්ථාවක් ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරිය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත නියෝගයක් නිකුත් කළාය.
ඉකුත් 03 වැනිදා සිරුරට ගිණී ඇවිලීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටියදී මෙසේ මියගොස් ඇත්තේ ඩයගම බරහිර 3 කොටස, ඩයගම පදිංචි ඉෂාලිනී ජූඩ් කුමාර් නමැති 16 හැවිරිදි බාලවයස්කාර දැරියකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනටමත් නඩු නිමිත්තක් තිබෙනවා... බාල වයස් දරුවන් මෙහෙකාර සේවයේ යෙදවීම ගැන...
ඡන්දෙ පාව්ච්චි කළ නිසා නීතිය ගැන බයවෙන්න දෙයක් නෑ... හරියටම ඉටුවෙයි...
ඔන්න දැන් බලන්න පුළුවන් බාල වයස්කාර දැරියක් මෙහෙකාර සේවයේ යෙදෙව්වාට නීතියෙන් දෙන දඬුවම මොකක්ද කියලා..., මේ ඇමැතිතුමාට.
වෙහෙර ගිල්ල එකාට අග්ගලාවත් කජ්ජක්ද ඇහුවලු...
මෙම 16 හැවිරිදි බාල වයස්කාර දැරිය ඇමැතිගේ නිවසේ මෙහෙකාරකමට යොදාගැනීම පිළිබඳව හා වෙනත් කටයුතු කළාදැයි කියා සොයාබැලිය යුතුවේ.
අපිට ඉන්න පාලකයෝ පොඩි ළමයින්ව වැඩට ගන්න අති පිරිසිදු මිනිස්සුන් කොටසක්.. මෙයාලව ඇතුළටම දාන්න ඕනේ.. ඇපදෙන්න එපා. කෙරුවොත් කරන්නේ නීත්‍යානුකූල නොවන දේවල්..
බාල වයස්කාර දැරියක් මෙහෙකාර සේවයේ තබා ගැනිම වරදක් නෙමෙයිද? ගිනිදා ගත්තද? ගිනිතියාගත්තද?
අපොයි මේ වගේ පොඩි දරුවන් මෙහෙකාර සේවයේ යෙදවීමම වරදක් නොවේද? අසරණ දරුවාට වූ විපතට වග කියන්නේ කවුද?
බාල වයස්කාර දැරියක් සේවයේ යෙදවීම නිසා රිෂාඩ්ට එරෙහිව නීති ක්‍රියාමාර් ගත යුතුයි.
බාල වයස්කාර ළමයි වැඩට ගන්න ඇමැතිලාට විතරයිද බලපත්‍ර දෙන්නේ..?
ඉතා කණගාටුදායකයි. කෙසේ වුවත් මෙය අපරාධයක් විය නොහැකිද? කවුරු හරි ළමයාට ගිනි තැබුවා වෙන්නත් පුළුවනි...!!! පරීක්ෂණ පවත්වන්න තිබුණේ එයා රෝහලට ඇතුළත් කළ දවසේමයි... නේද? රෝහල් පොලීසිය ඒ ගැන හෙව්වේ නැද්ද?
අහෝ..! දෙවියනේ ඇයි ඔබ මෙතරම් කුරිරු...
අවුලක් නෑ... 20 සම්මත කළා වගේ ඡන්දෙ පාර්ලිමේන්තුවේ... පවු අසරණ ළමයා...
LTTE එකෙන් පැන්නුවාම ආවේ සිරි බෑග් එකේ රෙදි ටික දාගෙන.. දැන් බෞද්ධාලෝක මාවතේ...
එතකොට මේ මන්ත්‍රීට ළමා අපචාර යටතේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැතිද?
මේ දරුවා මෙහෙකාර සේවයේ යෙදවීම වරදක් නම් නීතිය ක්‍රියාත්මක කරනවා ඇතැයි සිතමි..
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කියලා එකක් තියෙනවා නේද?
මල්ලි ඒ ගොල්ලෝ හොඳ යාලුවෝ මල්ලි...