(අංජුල මහික වීරරත්න)
ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය ඉන්දීය ජනාධිපති නිල නිවස වන රාෂ්ට්‍රපති භවන්හීදී අද (16) පෙරවරුවේ පැවැත්විණ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අශ්වාරෝහකයන් පෙරටු කොට ගනිමින් රාෂ්ට්‍රපති භවන් වෙත කැඳවා ගෙන ඒමෙන් අනතුරුව ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහත්මිය සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් මහත් හරසරින් පිළිගනු ලැබීය.
එහිදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ආචාර වෙඩිමුර 21ක් පවත්වා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගනු ලැබිණි. අනතුරුව ජනාධිපතිවරයා විසින් ඉන්දීය හමුදා ආචාර පෙළපාලියේ හරසර පිළිගනු ලැබීය.
ඉන්පසුව දෙරටේ නායකයන්ට දෙපාර්ශ්වයේ නියෝජිත පිරිස හඳුන්වා දීම සිදු කෙරිණි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවයට රාජ්‍ය තාන්ත්‍රකයෝ රැසක් එක්ව සිටියහ.
පිළිගැනීමේ නිල උත්සවයෙන් අනතුරුව රාජ්ඝාට්හි පිහිටි මහත්මා ගාන්ධි ස්මාරකයට උපහාර දැක්වීමටද ජනාධිපතිවරයා එක් විය.
ඉන්පසුව සිය ප්‍රථම විදෙස් නිල සංචාරය සිහිපත් වීම පිණිස රාජ්ඝාට්හි පිහිටි ගාන්ධි දර්ශන් පරිශ්‍රයේ අශෝක පැළයක් රෝපණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අමුත්තන්ගේ පොතේ ද අත්සන් තැබීය.
අද (16) දිනයේ දී පළමුව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ජනාධිපතිවරයා අතර හමුවක් පැවැත්වීමට නියමිතය. ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහත්මිය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද රාත්‍රියේ පැවැත්වේ.
එසේම අද දිනයේදී ජනාධිපතිවරයා ඉන්දීය උප ජනාධිපති ජග්දීප් ධන්කර් සහ මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය නිර්මලා සීතාරාමන්, සෞඛ්‍ය අමාත්‍ය ජේ. පී නද්දා යන මහත්ම මහත්මීන් හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
තවද ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයන් සමඟ මෙරට ආයෝජන සිදු කිරීම පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට ද අපේක්ෂා කෙර්.



(ඡායාරූප: ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවදාහරි අපේ රටත් ලෝකෙ පිළිගන්න රටක් කරන්න දෙයියෝ.. අපි ගොඩක් කැපවීම් කළා. වංකයෝ රජවෙච්චි රටේ අවංකව ජීවත්වෙන්න ලොකු අරගලයක් කළා.. ඒක ඉක්මණටම රජකරන්න දෙයියෝ..
අර ජාත්‍යන්තර පිළිගැනීමත් නෑ කියපු මෝඩයෝ දැන් මොකද දන්නේ නෑ කියන්නේ?
මෙරට බිහිවූ පළමු ජනතාවගේ ජනපති...
බලාගෙන අර පරණ පුරුද්දට ඇස් ලොකුවෙලා, කට උල්වෙලා, හස්ත මුද්‍රාව එළියට පැන්නොත් විනාශයි හොඳේ... එතකොට රාජතාන්ත්‍රික විදිහට විඳින්න ගනියි.
එක්කෙනෙක් උපාධි සහතිකේ අරන් එන්න ජපානේ ගියා. මෙයා ඉන්දියාවේ ගියේ අදානිගේ සහතිකේ අරන් එන්න වෙන්න ඇති...
ඉතා දිළිඳු පසුබිමක් සහිත නිහතමානී ආරම්භයක් ඇති ඔහු,මේ රටේ ඉහළම තැනට පත් වී තම නිහතමානී ආරම්භය කිසිදා අමතක නොකළ අතර සෑම විටම සමාජයේ සාමාන්‍ය මිනිසෙකු ලෙස හැසිරෙන මේ මිනිසා ගැන මම ආඩම්බර වෙමි. ජනාධිපතිතුමනි, ඔබ කොහේ ගියත් ඔබතුමාට හොඳ පිළිගැනීමක් ලැබෙනවා, මේ රට පාලනය කළ හිටපු වන්චනිකයන් කළා වගේ කිසිම දෙයක් ඔබේ සාක්කුවට නොයන බව ඉන්දියාව දන්නා නිසා අපේ රට සංවර්ධනය කිරීමට ඔවුන් ඔබට සියලු සහයෝගය ලබා දෙනවා නියතයි.ජයෙන් ජය අපේ මාතෘභූමියට.
අපිට ආඩම්බරයක් වෙන්නේ හොරෙකු නොවන මහජන දේපළ කොල්ල නොකන අනවශ්‍ය නාස්ති නොකරන ඇත්ත මහජන නියෝජිත ජනාධිපති කෙනෙකුට තවත් රටක් කරපු ගෞරවය නිසා. ලංකාවේ නම බැබලුණා .තාම මාස දෙකක් ගිහිං ඔහොම නං අවුරුදු 5 යනකොට වෙනස්ම රටක් බිහිවෙනවා සත්තයි .
සැරටම අමතලා මෝදිව දණගස්සයිද දන්නේ නැහැ... මුළු ඉන්දියාවම වෙව්ලනවා ඇති... සිංහයන්ට බයේ...
ජෙබයියන්ට තඹුත්තේගම ඉඳලා ඉන්දියාවට යන එකත් මාර ලොකු දෙයක් අප්පා... මාර ගැම්මට ඉන්දියාවට ගිහිල්ලා... මහ ලොකු වැඩක් කරලා තියෙන්නේ. දැන් ඔක්කොම හරි...
අපේ ජනපතිතුමාට යහපතක් වේවා
රටේ යහපත ගැන ශුන්‍ය වූ බලාපොරොත්තු සහිතව සිටි කාලයක අවසන් අපේක්ෂාව ලෙසට ඔබට ඡන්දය භාවිතා කලේ. දැඩි විශ්වාසයක් ඔබ කෙරෙහි ඇත. කෙසේ හෝ මේ රට ඔසවා තබමු ජනපතිතුමනි.
රටත් දුප්පත් නම්, හත්පොලේ ගාගත්තොත් කවුරුවත් රතුපලස් එලන්නැහැ. ඒ වුණත් ටෙලිසිලින්ඩ හොට්ටු අයට දුක, තරහ, ලැජ්ජාව වගේ ඒවා හිතට එන එකත් ඉතිං සාධාරණයි. ඒව පිටකරන්න ලංකාදීප ඉඩ සලස්සලා ජාතික මෙහෙවරක් කරන්නේ. නැත්තං ඒවත් ගෙදර අයගේ, අසල්වැසියන්ගේ, රටේ පිටින් යන්නේ...
අපගේ ජනපති සහෝදරයා තම ඇස් දෙක ලොකු කර, අතේ ඇඟිලි කුඩා කර කෙබර ඇදබාමින් ජාජබ රජයේ කුණු සේදීමට බලකායක් හැදුවා සේ ඉන්දියානු නායකයින් ද හීලෑ කර ගැනීමට හැකිවේවා!
පහුගිය ජනාධිපතිවරු වගේ ගොන් පාට් කෙළ කෙළ ඉන්නේ නැතිව ඉක්මණට ජනතාවට සහනයක් දෙන්න. හොරා කාපු ධනය ජනසතු කරන්න.
අපේ ජනාධිපතිතුමාගේ මහ ගොඩේ පාටක් තියෙන්නේ... ජනාධිපති උපදේශකයන් ඉන්නවා නේද? එක්කෝ ජාති ඇඳුමවත් එතුමාට අන්දවලා යවන්න නිකන් කඩේ යනවා වගේ යන්න එපා. ඔතැන නියෝජනය වන්නේ ශ්‍රී ලංකාව..