
( ෂේන් සෙනෙවිරත්න)
රිවස්ටන් පුංචි ලෝකාන්තය නැරඹීමට පොළොන්නරුවේ සිට පැමිණි පිරිසක් අතර සිටි මිත්තණියක සහ 16 හැවිරිදි ඇයගේ මුණුපුරා කැලයේ අතරමං වී සිටියදී පොලිසිය යුද හමුදාව සහ වනජීවි නිලධාරීන් සහ ප්‍රදේශවාසීන්ද එක්ව රැයක් පුරා සිදු කළ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව සොයා ගෙන ඇතැයි ලග්ගල පල්ලේගම පොලීසිය කියයි.
පොළොන්නරුව කදුරුවෙල ප්‍රදේශයේ සිට 20 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් වශයෙන් ඉකුත් 16 වැනි දින පැමිණ ඇති මෙම පිරිස අතර සිටි 16 හැවිරිදි දරුවෙකු සහ ඔහුගේ 58 හැවිරිදි මිත්තණිය අතුරුදහන් වී ඇති බවට ලග්ගල පොලිසියට ලද දැනුම් දීමකට අනුව එදින අලුයම් කාලය වන තෙක් සොයා බැලුවද ඔවුන් පිළිබඳව තොරතුරක් හමු නොවූ බව පොලිසිය කියයි.
පසුව සිදුකළ සෝදිසි මෙහෙයුමේදී රෙඩ් බානා ඇල්ල කඳුවැටියේ සිටියදී ඊට පසු දින ඔවුන් සොයාගෙන ඇති අතර සිය ඇල්ල නරඹා ආපසු එමින් සිටියදී රාත්‍රී අඳුරු වැටීම හේතුවෙන් මග සොයා ගැනීමට නොහැකිව ඔවුන් එම දිය ඇල්ල අසල ගලක් උඩ රාත්‍රී ගත කළ බව පසුව පොලිසියට පවසා තිබේ.
ඔවුන් දෙදෙනා කූඩැල්ලන්ගේ දැඩි ප්‍රහාරයට ලක් වීම හේතුවෙන් ලග්ගල රෝහලට ඇතුළත් කොට තිබේ.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රිවස්ටන් කැලයේ අතරමං වූ මිත්තණිය-මුණුපුරා දිනකට පසු හමුවෙයි