( තිලකරත්න දිසානායක)
ගම්පහ - ජාඇල මාර්ගයේ නගරයට ආසන්න නිවෙසක තිබී විදේශයක නිශ්පාදිත 9 මිලි ලීටර් ප්‍රමාණයේ රිවෝල්වරයක් සමග පුද්ගලයකු , ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
ගම්පහ පදිංචිකරුවෙකු වන 45 හැවිරිදි මෙම පුද්ගලයා අද සවස අත් අඩංගුවට ගෙන ඇති අතර ගම්පහ කොට්ඨාසය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ උපදෙස් පරිදි කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දූෂ්‍යන්ත පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් මේ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ සිදු කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd