
(තිලකරත්න දිසානායක)
විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වරයක් සහ ජීව උණ්ඩ 17ක් සමග ගම්පහ දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව පොලීසිය සඳහන් කරයි.
ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලැබී ඇති තොරතුරක් මත සැකකරු අත් අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේ ගිනි අවිය සමග ටී 56 ගිනි අවි සදහා භාවිතා කරන ජීව උණ්ඩ 10 ක් , මිලි මීටර් 2.2 ප්‍රමාණයේ ජීව උණ්ඩ 7 සහ අයිස් මත් ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 4337 ක ප්‍රමාණයක්ද ඔහු සතුව තිබූ බවත් පොලීසිය පවසයි.
මෙම සැකකරු උඳුගොඩ , රුක්ගහවිල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි අයෙකු බවද අනාවරණය වී ඇත.
සැකකරු අත් අඩංගුවට ගැනීම පිනිස ගම්පහ කොට්ඨාසය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ උපදෙස් මත ජේෂ්ඨ පොලිස් අධිකාරී නාලක සේනානායක මහතාගේ අධීක්ෂණය යටතේ ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල ලියනආරච්චි මහතාගේ අධීක්ෂණය මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂකවරුන්වන වික්‍රමසිංහ , උදය ශාන්ත සහ බණ්ඩාරනායක යන මහත්වරුන් සමග සැරයන්වරුන්වන පුෂ්පානන්ද - 2926 , ධනපාල - 55460 , සෙනෙවිරත්න - 55466 , වීරසූරිය - 61971 සහ කොස්තාපල් ලකෂාන් - 25075 යන නිලධාරීන් විමර්ශන කටයුතු සිදු කොට ඇති අතර සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd