
(අංජුල මහික වීරරත්න)
අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පිළිබඳ ප්‍රකාශයක් කරමින් ලංකාදීපයට පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට සමු දෙන්නේ ජාතිය වෙනුවෙන් යුතුකම ඉටුකළ අභිමානවත් නායකයකු ලෙස බව කී විජයවර්ධන මහතා ඔහු කළ මෙහෙය සමස්ත ජාතියේම ගෞරවාදරයට ලක් විය යුතුව තිබෙන බව කීය.
ඉතා අසීරු අඩියක තිබී ගොඩ ගෙන යම් ස්ථාවර තත්ත්වයකට ගෙන ආ ලංකා ආර්ථිකය නැවත අස්ථාවර නොකොට ඉදිරියට ගෙන යාමට අනුර දිසානායක මහතාට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බවද විජයවර්ධන මහතා සඳහන් කළේය.
ජනතා තීන්දුවට හිස නමන බවද රුවන් විජයවර්ධන මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල්ට ඕන කලේ සජිත්ව පරද්දන්න. ඔහු ඒක කලා
රනිල්ට ඕන කලේ සජිත්ව පරදන්න කිව්වම හරි නැහැ මොකද රනිල් සජිත්ට කිව්වා ආපසු එන්න හිටපු තනතුර දෙන්නම් කියලා ඒ වෙලාවෙ ඇවිල්ලා අගමැති තනතුර පොරොන්දු වෙලා වැඩ කලා නම් අද සජිත් අගමැති වෙලා ඒක කලේ නැහැ දැන් ඉතින් කිසිදාක ජනාධිපති වෙන්න නම් එජාපයට එක්වෙලා සමගියෙන් සමාදානයෙන් කටයුතු නොකලොත් කිසිම දවසක ජනාධිපති වෙන්න නම් බැහැ