විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය වෙනත් තැනකට ගෙනයාම සඳහා රුපියල් මිලියන 364ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ලබාදෙන ලෙස ඉල්ලමින් ඇමැති රවි කරුණානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට මුදල් ඇමැති මංගල සමරවීර මහතා ඊයේ (23) පැවැති කැබිනට් රැස්වීමේදී දැඩි විරෝධය පළකර ඇතැයි වාර්තා වේ.
මෙම කැබිනට් පත්‍රිකාව මීට පෙර ද අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් මුදල් ඇමැතිවරයා සිය නිරීක්ෂණ ඉදිරිපත් කරමින් මෙසේ සිය විරෝධය පළකර තිබිණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ උදේ පැවැති කැබිනට් රැස්වීමේදී ද අදාළ යෝජනාව සාකච්ඡාවට ලක්වී ඇති අතර මංගල සමරවීර ඇමැතිවරයා ඊට දැඩි විරෝධය පළකර ඇත.
කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ කුලී ගොඩනැගිල්ලක පවත්වාගෙන යන විදුලිබල අමාත්‍යාංශය කොළඹ නවම් මාවතේ පිහිටි කුලී ගොඩනැගිල්ලකට ගෙනයාම සඳහා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබිණි.
අදාළ කැබිනට් සංදේශය ඊයේ සාකච්ඡාවට ගත් අවස්ථාවේ අදහස් දක්වා ඇති මුදල් ඇමැති මංගල සමරවීර මහතා මේ සඳහා මුදල් අමාත්‍යාංශයෙන් කිසිදු මුදලක් ලබාදිය නොහැකි බව පවසා ඇතැයි දැනගන්නට තිබේ.
අලුතින් කාර්යාලවලට මුදල් වියදම් නොකරන බවට තීන්දුවක් ගෙන ඇති නිසා විදුලිබල අමාත්‍යාංශයේ යෝජනාවට එකඟවිය නොහැකි බවත් සමරවීර මහතා ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායක මහතා අදහස් දක්වමින් අමාත්‍යාංශය දැනට පවත්වාගෙන යන ගොඩනැගිල්ල ඉඩකඩ පහසුකම් අඩු බැවින් වෙනත් ස්ථානයකට රැගෙන යන බව සඳහන් කර ඇත.
ඒ අනුව විදුලිබල අමාත්‍යාංශය වෙනත් තැනකට ගෙනයාමට අවශ්‍ය මුදල් විදුලිබල අමාත්‍යාංශය යටතේ ඇති ලංකා විදුලි සමාගමෙන් ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදී ඇති බව ද වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයටනම් කොචර සල්ලි තිබත් මදි, කට ඇරියොත් මිලියන බිලියන ගණන්වලින් කියන්නේ. අර මහ බැංකුවෙන් කඩගත්ත කුට්ටියෙන් ගන්නකෝ, නැත්නම් අර ඇලෝසියස් අරන්දීපු ගේ පාවිචි කරනකො ඉඩ මදිනම්.
මෙන්න මුන්ට තියෙන ප්‍රශ්න මුන්වගේ උන්ට රටබාර දෙන්නේ කියලා නොහිතන එක තමයි පුදුමේ
අනේ මන්දා මේ වගේ පාලකයෝ පත්කරන්න තරම් මේ මිනිස්සු මෝඩද?
දීලා දාන්න වහාම...... මුදල් ඇමතිනේ...... අනික මේ මූල්‍ය විනය ගැන කතා කරන්නේ්.....
තව සුපිරි නිවසක් ගන්න හිතිලා වගේ. දන්නා විදියට නම් සුපිරි නිවාස දෙකයි. තව නීත්‍යානුකූල අයත් ඉන්නා හැඩයි.
ඕකට තව සුලු ගණනක් එකතු කළා නම් අලුතින්ම එකක් හදන්නත් පුළුවන්. ඇයි ගෙනියන්නෙත් බදු ගෙවන තැනකට නේ...?
රජයේ වියදම් කපාහරින්න කිය කියා මේ අයගේ වුවමනාවලට අත දිගෑරලා වියදම් කරනවා. දැන් රටේ තියන මූල්‍ය අර්බුදයත් එක්ක පොඩ්ඩක් ඉවසල ඉන්න බැරි හැටි. ඒ වගේ කැප කිරීමක් වත් කරන්න බැරි කාලකන්නි ජාතියේ අය ටිකක්. ඒකෙනුත් කීයක් හරි හොරා කන්න බලනවා ඇති. නැත්නම් බිල්ඩිමක්ද දන්නෙත් නෑ කුලියට දෙන්න යන්නේ..?
මේ සෙට් එකම එළවලා දාන්න ජනතාව එක් වෙන වේලාව හරි .
මේවට රජයේම ගොඩනැගිලි ඉදිකරන්න. මට මතකයි රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා එහෙම ව්‍යාපෘතියක් ආරම්භ කළා...