(අංජුල මහික වීරරත්න)
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂ හිටපු උප නායක රවී කරුණානායක මහතාට අවශ්‍ය කරන සියලු නීතිඥ සහාය දෙන ලෙස හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නීති අංශයට දැනුම් දුන්නේය .
රවී කරුණානායක මහතා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම උසාවියෙන් දුන් නියෝගයක් වුවත් ඔහුගේ නීතීඥයන් අපේක්ෂා කරන්නේ නම් අවශ්‍ය සියලු නීති සහය දීමට ක්‍රියා කරන්නැයි ද රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් වල සඳහන් වෙයි .
මේ සම්බන්ධයෙන් තවදුරටත් උපදෙස් දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නීති අංශයට දැනුම් දී ඇත්තේ රවී කරුණානායක මහතාට හැකි හැම අයුරින්ම උදව් කරන්නට පියවර ගන්නා ලෙසයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ කොහොමහරි බේරලා දෙන්න. අර්ජුනවත් බේරපු එකේ මේක නොකලොත් හරි නැහැනේ. අනෙක ඔක්කොම ටික කියලා දායි මෙයා.
අනේ එපා. සම්මානෙකුත් ගත්තා නේද ආසියාවේ හොදම මුදල් ඇමැති කියලා..? මොකක් බලලාද දුන්නේ එතකොට?
ඇයි අනේ ඕගොල්ලෝ පාර්ලිමේන්තුවේ නීති සම්මත කරන්නේ? පොඩි මිනුස්සුන්ව තලන්නද? අද හෙටම බලන්න කෝ රනිල් මහින්ද සමග සීනි නැතුව කළු කොපි කෝපි බොනවා. ඉතින් රවී එලියට එනවා.
එක වල්ලේ පොල්...
අනේ එයා ඇතුළේ.. ඔයා තාමත් එළියේ.
රවීව ගොනාට අන්දලා තමන්ගේ බඩ තරකර ගත්තා නම් විඳවපන් රනිලෝ. ඇයි බයද රවී ඔබතුමාට එරෙහිව සාක්කි දේවි කියලා..?
ගිහිල්ලා මහින්දව හම්බ වෙන්න. අර හෙළිකොප්ටර් එහෙම දීපුවා මතක් කරන්න. අනිවාර්යයෙන් 23 වැනිදා එළියට දමාවි. මාස ගණන් රිමාන්ඩ් කරලා තබන්නේ පොල්ගෙඩි 2-3 හොරකම් කරපු මිනිස්සු... කෝටි ගණන් රජයේ දේපළ හොරකම් කළ මිනිස්සු සතියෙන් දෙකෙන් එළියේ.
ඔව් රටට මොනවා වුණත් කමක් නැහැ වංචාව කළ තමන්ගේ අයට සලකන්න ඕනේ. ඔය ප්‍රතිපත්තිය නිසයි ඔහෙට ඔහොම වුණේ
විදේශිකයෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් මහා බැංකුවේ අධිපති කර මේ වංචාවට අවශ්‍ය වටපිටාව හැදුවනේ
නැතිනම් වැඩේ වල්වෙන හින්දාද? මේ ඔක්කොම ඇතුළට දාන්න ඕනෑ 2010 ඉඳන් සියලු බැඳුම්කර ගේම් අල්ලන්න ඕනෑ. නැතිනම් වැඩක් නැත. මේකෙන් ඒවා වහන්න හදනවා වගෙයි අපට හිතෙන්නේ.
මෙයා ගන්නේ මහජනයාගේ පැත්ත නොව, හොරුන්ගේ පැත්තයි.
අහිමි වුණු මුදල් සොයාගෙන නැවත රජයට ගන්න ක්‍රමවේදයක් බලන්න... කවුරු කොහේ හිටියත් මිනිස්සුන්ට වැඩක් නෑ. මොකද ඔය කවුරුවත් මිනිස්සුන්ට දෙන්න යමක් කරලා නෑ. හැම කාලෙම එකම සිද්ධිය වෙනස් ස්වරූපයෙන් වෙනවා.