
(සුජිත් හේවාජුලිගේ)
රාජගිරිය රෝයල් පාක් නිවාස සංකීර්ණයේදී ස්වීඩන් ජාතික ඉවෝන් ජොන්සන් නමැති තරුණිය කෲර ලෙස ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවකු වී මරණීය දණ්ඩනය නියමවී සිටියදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නිදහස් කෙරුණු ජූඩ් ශාමන්ත ජයමහ නැමැත්තා සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු නීතිමය ක්‍රියා පටිපාටිය විමසා නීතිපතිවරයාට ලිපියක් යොමු කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.
නීතිපතිවරයාගෙන් ලැබෙන උපදෙස් අනුව මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ජූඞ් ශ්‍රමන්ත ජයමහ නමැත්තා ජනාධිපති සමාව දී නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාර සිරිසේන මහතා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 6 වැනිදා තීරණය කළේය.
මෙම තීරණයෙන් අගතියට පත් වූ පෙස්සම්කරුට හා ඝාතනයට ලක් වූ තරුණියගේ මවුපියන්ට රුපියල් ලක්‍ෂ දහය බැගින් ලක්ෂ තිහක වන්දි ගෙවීමටද මෙහිදී නියම කෙරිණ.
මරණ දඬුවමින් නිදහස් කිරීමෙන් පසු විත්තිකාර ජයමහ නැමැත්තා විදේශගතවිය. දැනටමත් ඔහු සිටින්නේ විදේශයක බව පැවසේ.
රෝයල් පාක් ඝාතන සිද්ධිය සිදුවූයේ 2005 වසරේ ජූලි මස 1 වැනිදාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක නෙවෙයි මචං තව හොඳ වැඩක් තියෙනවා, බොහෝම පහසුවෙන් කරන්න පුළුවන්. මොකද දන්නවාද? ඇයි දැන් ඉන්නේ බොහෝම නීති ගරුක පොලිස්පති කෙනෙක්නේ, එයාට කියන්නකෝ අත්අඩංගුවට ගන්න ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ. කොටින්ට සල්ලි දුන්නාට...
මේ නිසා රජයට වියදම් වන මුදල් සිරිසේනගෙන් අයකරගන්න ඒ මනුස්සයා කරපු මෝඩ වැඩ නිසානේ මේ අමතර වියදම්
අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්නන්න බෑද?
ඕකත් එක්කම අර්ජුන මහේන්ද්‍රන් ගැනත් මතක් වෙලා ලියන්න. මොකද ඒ විතරක් යට ගහන්නේ...!
ගෙන්න ගන්න බැරි වුනොත් දඩුවම් හොරට නිදහස අනුමත කරන කෙනෙක්ට දෙමු
මෛත්‍රීපාල ගත්ත කෝටි අටසීය ආපහු දෙන්න වෙයි
දැන්මම බ්‍රසීලය පැත්තට හෙමින් ඇඩ්‍රස් නැතිවෙන විධියට මාරුවුනා නම් අල්ලනවා බොරු. සියල්ල අමතක කර බ්‍රසීල් කෑල්ලක් එක්ක අළුත් ජීවිතයක් ගත කරන්න පුළුවන්.
වැඩේ හරි පුතේ. දැන් ඉතින් නීතීපති උපදෙස් ආවාම අත්සන් දහදාහක් ගහන්න ලෑස්තිවෙලා හිටපන්. වෙන කිසි වැඩක් නොකර මාස තුනක් පැය විසිහතරම අත්සන් ගගහා තමා ඉන්න වෙන්නේ.
අනුරාධපුරයේ පොලිස් ලොක්කා පිටරටට පැනපු පසු ඔහු ගේ පැටිකිලිය දැන් මාධ්‍ය ප්‍රකාශක දමලා කියා වීමෙන් වැඩක් නැහැ. යන්න කලින් ඇයි විදෙස් ගමන් තහනමක් කිරීමට මහන්සි නොවුනේ. නිතිය සැමට සාධාරණය කරන්න.
මිනීමරුවා අවශ්‍ය නම් ඔහු ගෙන එනතෙක් සිරිසේනව ඇතුළට දමන්න. සිදුවෙන්නේ රටට යහපතක්.., මේ වගේ හොරු එළියේ ඉන්නවා කියන්නේ ජනතා මුදල් කෝටි ගණන් වියදම් වෙනවා... බෙන්ස් කාර්, නිල නිවාස, ආරක්ෂකයෝ සේවකයෝ, ඇතුළට දාන එක ඉතා ලාභයි...