
(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ කල්තොට මාර්ගයේ දිගදුරේ ප්‍රදේශයේදි මාර්ගයේ ගමන් කරමින් තිබු ලංගම බස් රථයකට නා ගසක අත්තක් කඩා වැටි අද (4) සිදුවන්නට ගිය විශාල අනතුරක් වළවක්වා ගන්නට බසයේ රියදුරු මහතාට හැකිව ඇතැයි පොලීසිය කියයි.
බලන්ගොඩ සිට තැන්න හරහා කුරගල දක්වා එම බස් රථය ධාවනය වෙමින් තිබියදි මාර්ගය අසල තිබු නා ගසක විශාල අත්තක් මාර්ගයට කඩා වැටෙන අයුරු බසයේ රියදුරු දැක ඇති අතැර වේගය පාලනය කරගැනීමට හැකිවීම හේතුවෙන් බසයට සුලු හානියක් පමණක් වී ජිවිත සියල්ල සීරිමක්වත් නොමැතිව බේරා ගැනීමට හැකිව තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ පාසල් දරුවන් ඇතුළු සියයකට ආසන්න පිරිසක් ඒම බසයේ ගමන් කර තිබේ. කිසිවෙකුටත් හානි සිදුව නැතැයි පොලීසිය කියයි.
ජගත් කුමාර නැමති බලන්ගොඩ ඩිපෝවෙි සේවය කරන රියදුරු මහතාගේ දක්ෂතාවය හේතුවෙන් සිදු වෙන්නට ගිය විශාල අනතරක් වලක්වා ගැනිමට හැකිවි තිබෙන බව පොලිසිය සඳහන් කළේය.
බලන්ගොඩ පොලිසිය ,බලන්ගොඩ ප්‍රදේශිය සභාව සහ ප්‍රදේශවාසීන් එක්ව ගස කපා ඉවත් කිරිම සදහා කටයුතු කරනු ලැබු අතර අනතුර හේතුවෙන් මාර්ගයද අවහිරව තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ විශිෂ්ටයාව අගයමු. නිකම් හුදු වචනවලින් නොව, අද කාලෙට ගැලපෙන ලෙස මුදලින්...
ඉතාමත් ප්‍රශංසනීයයි! මෙම වාර්තාවේ සඳහන් වන වදන් පෙළක් වෙත රියදුරන් කාගේත් අවධානය යොමු කිරීම වැදගත්ය... "අත්තක් මාර්ගයට කඩා වැටෙන අයුරු බසයේ රියදුරු දැක ඇති අතර වේගය පාලනය කරගැනීමට හැකිවීම හේතුවෙන්". මෙරට මෑත කාලයේ සිදු වූ රිය අනතුරු බහුතරයකට හේතුව නිසි අවධානයෙන් රිය නොපැදවීම සහ අධික වේගයෙන් රිය පැදවීම බව නොරහසකි. එවැනි කාලයක, බස් රථ රියදුරු මහතෙක් මෙසේ තමාගේ වගකීම නියමාකාරයෙන් ඉටු කිරීම පිළිබඳව කියවීමට ලැබීමත් භාග්‍යයකි. ඔහුට යම් කිසි ත්‍යාගයත් හෝ සුදුසු වෘත්තීමය ඇගයීමක් පිරිනැමීම වෙනත් බස් රියදුරන්ට ද ආදර්ශයක් වනු ඇත.