
(එස්.ජී.උබේපාල)
ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක රියදුරු හදිසයේ රෝගී වීමෙන් බසය පාලනය කර ගැනීමට නොහැකිව මැදවච්චිය නගරයේ දී නිවසක් සහිත ගරාජයකකට කඩා වැදී අනතුරකට ලක්ව ඇතැයි පොලීසිය කියයි.
අනතුරින් 13 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් සුලු තුවාල ලැබූ 06 දෙනෙකු මැදවච්චිය රෝහලේ ප්‍රථිකාර ලබන බව පොලීසිය පවසයි.
බරපතල තුවාල ලැබූ 07 දෙනෙකු වැඩි දුර ප්‍රථිකාර සඳහා අනුරාධපුර ශීක්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබේ.
මෙම පෞද්ගලික බස් රථය වව්නියාවේ පිහිටි ඇඟලුම් හලකට සේවකයින් රැගෙන යමින් සිට ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේදී සේවකයින් 40ක් පමණ සිට ඇතැයි කියයි.
අනතුර සිදුවන අවස්ථාවේ ගරාජයේ හිමිකරු එහි සිට නොමැති අතර අනතුරින් ජීවිත හානි කිසිවක් සිදුව නොමැත. අනතුරින් පසු අවට සිටි පිරිස් පැමිණ බලද්දී රියදුරුට පියවි සිහිය තිබී නොමැති බව ද කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රියදුරු බලපත්රය අවුරුදු හතකට වරක් අලුත් කිරීමේදී වයිද්ය සහතික ගන්නවා වුනත් මෙහෙම මගී ප්රවාහන බස් ,වෑන් හා ලොරි වැනි ලොකු වාහන රියදුරෝ අවම වශයෙන් අවුරුදු දෙකකට වරක්වත් වයිද්ය පරීක්ෂණ කරන්න නියමයක් කලොත් (අවුරුදු 50 ට වැඩි අයට වත්) රිය අනතුරු අඩුවෙන්න පුළුවන් වේවි