IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රියදුරු ඝාතනයට හිටපු උප ලුතිනන් අත්අඩංගුවට

       (හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආණමඩුව තෝනීගල ප්‍රදේශයේ ආපන ශාලාවක් තුළදි බිරිදගෙ අනියම් සැමියා බව කියන පුද්ගලයා මරා දැමු යුද හමුදාවේ හිටපු උප ලුතිනන්වරයකු ඝාතනය සිදුකර වසර හයකට පසු අත් අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය   පැවසිය.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ යුද හමුදා පාබල බළකායෙ වෙන්නකේනී කදවුරේ සේවය කළ උප ලුතිනන්වරයෙකී.

අත් අඩංගුවට ගත් උප ලුතිනන් වරයා ඝාතනය සිදුකරන සමයේ සිට යුද හමුදා සේවයෙන් පලා ගිය තැනැත්තෙකු බව කියයි.

අදාල හිටපු උප ලුතිනන් වරයා පොල්පිතිගම ප්‍රදේශයෙ මුල් පදිංචිකරුවකු බවත් පසුව නිකවැව  මොරගොල්ලාගම පදිංචියට පැමිණ ඇති බවද කියයි.

මෙම හිටපු උප ලුතිනන් වරයා කලින් විවාහයෙන් නීතියෙන් වෙන්ව දෙවන විවාහයක් සිදුකරගෙන සිටි බවත් දෙවන විවාහයෙ බිරිදගෙ අනියම් සැමියා මෙසේ ආණමඩුව තෝනිගල ප්‍රදේශයෙදී සිය බිරිද සමග ආපන ශාලාවක් තුලදි 2017 වසරේ මාර්තු 26 දින ආහාර ගනිමින් සිටියදී එම ස්ථානයට කඩා වැදි තියුණු ආයුධයකින් ඇණ අදාල තැනැත්තාට දරුණු තුවාල සිදුකර ඝාතනය සිදුකර ඇති බව කියයි.

එම සිද්දියෙන් ඝාතනයට ලක්ව තිබුනේ ආණමඩුව තෝනිගල කුමාරගම පදිංචි සේනාධිරගේ දුමින්ද ප්‍රදිප් නැමති පුද්ගලික බස් රථ රියදුරෙකු ලෙස සේවය කල එවකට 36 වැනි වියෙ පසුවු විවාහකයෙකු බව කියයි.

ඝාතනයට ලක්වු තැනැත්තා සමග මෙම උප ලුතිනන් වරයාගෙ බිරිද අනියම් ඇසුරක් කලක සිට පවත්වා තිබුත් එය නවතා දැමිමට අවස්ථා කිපයකදි මෙම උප ලුතිනන් වරයා දැඩි වෙහෙසක් ගෙන තිබු නමුත් බිරිද දිගින් දිගටම මෙම අනියම් ඇසුර පවත්වාගෙන යාම ඉවසා ගැනිමට නොහැකිව කෝපයෙන් පසුවි ඇති බවත් ඒ අනුව මෙම ඝාතනය සිදුකර ඇති බවද පොලිසි පරික්ෂණ වලදි හෙළිව තිබේ.

අදාල ඝාතනය සිදුකිරිමේන් පසුව අදාල ආපන ශාලාවේ සිටි පිරිස් හා ප්‍රදේශවාසින් විසින් මෙම ප්‍රධාන සැකකරු අල්ලා ගෙන පහර දී තිබු බවත් පොලිසිය පැමිනිමත් සමග පලා ගොස් සිටි බවද කියයි.

මෙම ඝාතනයෙන් පසු මෙම සැකකරු කොළඹ ප්‍රදේශයට පලා ගොස් සිට ඇති බවත් එහිදි කුලි වැඩ ඇතුළු රැකියාවන් රැසක් කරමින් මුදල් උපයා ගෙන පසුව හොරණ බුලත්සිංහල අතුර ප්‍රදේශයෙ විවිධ රැකියාවන් සිදුකරමින් කෝටිපති ව්‍යාපාරිකයකු ලෙස රහසිගත නමකින් පෙනි සිටි බවද කියයි.

අදාල ඝාතනයෙන් පසුව මෙම හිටපු උප ලුතිනන් වරයා කිසිදු අයකුට සැක නොසිතන අයුරින් වෙනත් නමකින් පෙනි සිටිමින් ව්‍යාපාර රැසක් සිදුකර ඇති බවත් එයින් උපයා ගත් මුදලින් ඉඩම් හා වාහන රැසක ධනවත් ව්‍යාපාරිකයකු ලෙස ප්‍රදේශයෙ නමක් දරා  සිටි පුද්ගලයකු බව කියයි.

අදාල ඝාතනයෙන් පසු මෙම සැකකරුගේ බිරිද රහසේ විදේශ ගතව ඇති බව කියයි.

ඒ සමගම මෙම සැකකරුට සිටි එකම දරුවා තම මව්පියන් භාරයේ රදවා උසස් අධ්‍යාපන කටයුතු වලට නිසි ලෙස යොදවා ඇති බවත් කිසිම අවස්ථාවක දරුවා බැලිමට පවා මෙම සැකකරු ගොස් නොමැති බවත් දරුවාගේ සියලු කටයුතු වලට මුදල් යොදමින් දරුවා ඉහලට රැගෙන යාමට කටයුතු කර ඇති බවද පොලිස් පරික්ෂණ වලදි හෙළිව තිබේ .

ඒ සමගම මෙම සැකකරු තම එකම දරුවාව ශ්‍රි ලංකාවේ ප්‍රධාන පෙලේ පුද්ගලික විශ්ව විද්‍යාලයකට යොමුකර ඇති බවත් ඒ සදහා ලක්ෂ 26 කට ආසන්න මුදලක් යොදවා ඇත්තේද ප්‍රසිද්දියේ පෙනි සිටිමකින් තොරව බවත් කියයි.



අදහස් (0)

රියදුරු ඝාතනයට හිටපු උප ලුතිනන් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site