
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
යතුරු පැදියක් ලොරි රථයක පිටුපස ගැටිමේන් සිදුවු අනතුරින් 15 හැවිරිදි පාසල් සිසුවෙක් මරණයට පත්ව ඇති බව මදුරන්කුලිය පොලිසිය පවසයි.
මෙලෙස අවාසනාවන්ත අයුරීන් මරණයට පත්ව ඇත්තේ මදුරන්කුලිය විරුතෝඩේ මුස්ලිම් මහා විද්‍යාලයෙ 10 ශ්‍රේණීයෙ අධ්‍යාපනය හදාරමින් සිටි කලීල් අහමද් මොහොමඩ් නැමති පාසැල් සිසුවකු බව කියයි.
අනතුරින් මරණයට පත් සිසුවා (ඊයේ) 17 දින රාත්‍රියෙ විරුතෝඩය මුස්ලිම් මහා විද්‍යාලය අසල දී තම මිතුරේකුගේ යතුරු පැදියක් ඉල්ලා ගෙන සුළු දුරක් ගමන් කරමින් සිටියදි ඉදිරිපසින් ගමන් කල ලොරි රථයෙ ගැටි මරණයට පත්ව ඇති බව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආගම කුමක් වුවත්, ජාතිය කුමක් වුවත් සිදු වූ අවාසනා වන්ත සිදුවීමට යතුරුපැදිය සිසුවාට දුන් කෙනා සම්පූර්ණ වගකීම භාර ගත යුතුයි. බුදු සරණයි පුතේ ඔයාට උපදින ජාති ජාතිත් මෙවන් අකල් මරණයක් සිදු නොවේවායි පතමි
කියන්න කණගාටුයි, මේක ජාතිවාදය ඇවිස්සීමක් නොවෙයි දිනපතා දකින දෙයක් ඇත්තටම ඔය අයගේ කුඩා දරුවන්ට පවා දෙමාපියන් වාහන පාවිච්චියට දෙනවා. පටු පාරක ඉදිරියෙන් වාහනයක් එනවා දැක්කත් නොනවත්වා වේගයෙන් යනවා... එවැනි වෙලාවට අනෙක් වාහන හිමියන් අමාරුවේ වැටෙනවා. මට නම් එහෙම දෙයක් වුණොත් පොලිසියට විරුද්ධව අධිකරණයට යනවා... දවසක් මම දැක්කා අවුරුදු පහකට අඩු දැරියක් යතුරු පැදියේ නංවාගත් අවුරුදු දහයක් වයස නැති තවත් දරුවෝ දෙදෙනෙක් තවත් යතුරු පැදියක හැපුණා... ඇත්තටම අවුරුදු 15ක ළමයෙකුට රියදුරු බලපත්‍ර නැහැ. ඉතින් එහෙම යනවිට අල්ලන්නේ නැහැ. මම නම් මෙයට වැරැද්ද දෙමාපියන්ට දොස් කියන්නේ නැහැ... මොකද පොලිසිය හරියට කටයුතු කරනවා නම් ඔහෝම දේවල් වෙන්නේ නැහැ. කොහොම වුණත් පොලිසිය සංචාරයේ යෙදෙනවා නම් හොඳයි... ඒත් ඔය මිනිස්සු එක්ක රාජකාරි කරන්න බැරිවේවි...!
ගොඩක් දුකයි පව්.යාලුවෙක් බයික් එක ඉල්ලුවම ,,බැහැ කියන්න බැරි කමට දීලා තියෙන්නේ මිසක් වෙන මොන හේතුවක් වත් නැහැ. පවු හරිම දුකයි
රිය බලපත් නැති අවුරුදු 15 කොල්ලට යතුරුපැදියක් පදින්න දුන්න කියන්නෙ වඳුරට දැලි පිහිය දුන්න වගෙ තමයි.