( ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

විදේශීය යුවළක් රැගෙන කටුනායක ගුවන්තොටුපළ දක්වා යමින් සිටි මෝටර් රථයක් කොට්ටාව අධිවේගී පිවිසුම අසල ආරක්ෂිත වැටෙහි ගැටී සිදුවූ අනතුරින් තුවාල ලැබූ විදේශීය යුවළක් ඇතුළු තිදෙනකු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය පවසයි.

මෙසේ තුවාල ලබා ඇත්තේ ඉතාලි ජාතික අඹුසැමි යුවළක් (76 - 78) සහ අනුරාධපුර බන්දුලගම පදිංචි (42) හැවිරිදි රියදුරෙකු බව පොලිසිය කියයි.

මෙම විදේශීය අඹුසැමි යුවළ මෙරට සංචාරය අවසන් කොට ඉතාලි රාජ්‍යයට යාම සඳහා 18 දා රාත්‍රී 09 පමණ හික්කඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක සිට මෝටර් රථයකින් කටුනායක ගුවන්තොටුපල දක්වා යාමට පිටත්ව තිබේ.