
(කුෂාන් ජයවර්ධන)
කැකිරාව මහ ඇලගමුව ප්‍රදේශයේදී පාපැදියක් හි මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් 60 හැවිරිදි දෙදෙරු පියෙකු මිය ගොස් තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ මඩාටුගම මහවැලි කොට්ඨාස කාර්යාලයට අනියුක්තව සේවය කළ ආයතන සංවර්ධන නිලධාරියකු වන ජයන්ත දිසානායක නැමැත්තෙක් බව පොලීසිය කියයි.
ඔහු කැකිරාව මහඇලගමුව ප්‍රෙද්ශයේ පදිංචිව සිටි අයෙකි.
මිය ගිය මහවැලි නිලධාරියා පාපැදියකින් ගමන්කරමින් සිටියදී මාර්ගයේ ඉදිරිපසින් පැමිණි මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැණ ඔහු ගමන් ගත් පා පැදියේ මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd