( උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )
කලවාන රත්නපුර මාර්ගයේ අද (09) හගරංගල ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් දරුවන් පස් දෙනෙකු තුවාල ලබා කලවාන මූලික රෝහලට ඇතුළත් කර ඇති බව කලවාන පොලිසිය පැවසීය .
කලවාන හගරංගල ප්‍රදේශයේ බස් නැවතුම්පොළක රැදී සිටි දරුවන් පස් දෙනෙකු මෙලෙස තුවාල ලබා ඇති අතර රත්නපුර සිට වේගයෙන් පැමිණි කාර් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුරු සිදු වී ඇති බව කලවාන පොලිසිය පැවසීය .
ෙතුවාල ලැබු දරුවන්ගේ තත්ත්වය බරපතළ නොමැති බව කලවාන මූලික රෝහල පැවසීය . අනතුර සම්බන්ධයෙන් එම කාර් රථය පැදවූ රියදුරා කලවාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .
සිද්ධිය සම්බන්ධයෙන් කලවාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් .එම්.ඩබ්ලිව් හේරත් මහතාගේ උපදෙස් මත කලවාන පොලිසියේ රථවාහන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ රිය අනතුරුවලින් නම් අඩුවක් නැහැ. මේවාට විසඳුමක් ඇත්තේම නැද්ද?