
( කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල හබරන ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර ප්‍රදේශයේදී අද(04) උදෑසන බස් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෝටර් රථයේ ගමන් කරමින් සිටි ප්‍රංශ ජාතික එකම පවුලේ මව පියා සහ පිරිමි දරුවෙකු මෝටර් රථ රියදුරු මෙන්ම බස් රථයේ ගමන් කරමින් සිටි මෙහෙණින් වහන්සේ නමක් තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කළ බව දඹුල්ල පොලිසිය කියයි.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් සහ දඹුල්ල සිට සීගිරිය බලා ගමන් කරමින් තිබූ විදේශිකයන් රැගත් මෝටර් රථයක් බව පොලිසිය කියයි
අනතුර සමග ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබුණු අතර බස් රථය මාර්ගය හරහා නැවතී තිබිණි. මෝටර් රථයද අසල කුඩා වෙළඳ සැලකට කඩා වැදී දැඩි හානි සිදුවී තිබුණු බව පොලිසිය කියයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස් රථය පිහිටා තිබෙන ආකාරයෙන්ම සිතාගත හැකියි කෙතරම් අපරික්ෂාකාරී ධාවනයක්ද කියා... මෙම බස්රථය එයට ඉදිරියෙන් ලමන් ගත් ලොරි රථයක් කිසිඳු හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ඉස්සර කරන්නට?ගොස් තමයි මෙම අනතුර සිදුව තිබෙන්නේ..මොවුන්ගේ රියදුරු බලපත්‍රය ජීවිතාන්තයටම තහනම් කළ යුතුයි..