(සනත් ගමගේ)
අම්බලන්තොට රිදියගම පාරේ ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක් එහි පැදි කරුට යතුරු පැදිය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් පාරෙන් ඉවතට යතුරුපැදිය පැනිම හේතුවෙන් සිදු වූ අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් තරුණයින් තිදෙනාගෙන් පසුපස ගමන් ගත් තරුණයින් දෙදෙනා ජීවිතක්ෂයට පත් වී ඇති බව අම්බලන්තොට පොලීසිය කියයි.
මෙම යතුරු පැදි අනතුර අම්බලන්තොට රිදියගම පාරේ බෝලාන හංදියට ආසන්නයේ දී සිදු වී ඇති බව පොලීසිය කියයි. යතුරු පැදියේ පසුපස ගමන් කල තරුණයින් දෙදෙනා හිස් වැසුම් නොමැතිව ගමන් කර ඇති බව පොලීසිය කියයි.
අනතුරු සිදු වූ ස්ථානයේ දි එක් තරුණයෙක් මිය ගොස් සිටි අතර තවත් තරුණයෙක් 1990 ගිලන් රථයෙන් හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ අම්බලන්තොට රුහුනු රිදියගම දියවර ගම්මානයේ පදිංචි තල්පාවිල විදාන කංකානම්ගේ ලසිඳු තිසර (21) සහ වත්තල එඩේරමුල්ල පදිංචි තුසිත ශ්‍රී නාත් ප්‍රනාන්දු (25) යන අය බව පොලීසිය කියයි.
වත්තල පදිංචි කරුද පුද්ගලික ඇඟළුම් කම්හලක සේවය කරන අතර ඔහුද අම්බලන්තොට රිදියගම ලිපිනයේ තාවකාලිකව පදිංචි වී සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරේ ගමන් කරන අනෙක් අයගේත්, ජීවිත අනතුරට ලක්කරනවා... මේ කාලකණ්ණින්.
හිස් වැසුම් දාලා මොනවා ආරක්ෂා කරන්නද ?හිස් වැසුමක් දාන්නවත් තරමේ මොලයක් තිබිලා නැහැ නේ