
( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම පානදුර මාර්ගයේ බොල්ගොඩ ප්‍රදේශයේදී තීරෝද රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් 23 හැවිරිදි තරුණියක් මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ බණ්ඩාරගම රයිගම් තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඇඟලුම් සේවිකාවක ලෙස රැකියාව කරන නුවන්ගි ඉඳුනිල් නැමැති තරුණියයි.
තීරෝද රථයේ රියදුරු ලෙස කටයුතු කළ මියගිය තරුණියගේ පියා තරුණියගේ මවත් සමඟ නිවසේ ආරක්ෂක කටයුත්තක් සඳහා පානදුර මාලමුල්ල ප්‍රදේශයේ විහාරස්ථානයකට ගොස් යළි පානදුර හොරණ මාර්ගයේ නිවස කරා පැමිණෙමින් සිටියදී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ආරක්ෂක කියන්නේ අපලයකට වෙන්න ඇති. කොහොම වුණත් දෛවය වෙනස් කරන්න බැරිවීම කණගාටුදායක කරුණක්. රියදුරන් දෙදෙනාගේම නොසැලකිලිමත්භාවය හේතුව බව කියවුනා. එතන තමයි ආරක්ෂාව දුර්වල වෙන්න ඇත්තේ.