
(හේමලතා ඩී හේවගේ)
කොළඹ සිට අක්කරේපත්තුව දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් හා කුරුණෑගල සිට නාරම්මල දක්වා ධාවනය වූ බට්ටා වර්ගයේ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වු අනතුරින් ලොරි රථයේ ගමන් කළ රියදුරු හා තවත් පුද්ගලයින් දෙදනකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
තුවාල ලැබූ තවත් තිදෙනකුද නාරම්මල හා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව නාරම්වල පොලිසිය සඳහන් කළේය. මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 41, 80 සහ 82 හැවිරිදි ලොරි රථයේ ගමන් කළ පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි කරුවන් බව පොලිසිය කියයි.
මිය ගොස් ඇත්තේ රියදුරු, ඔහුගේ නැන්දම්මා හා මාමණ්ඩිය බවත් තුවාල ලැබූ කාන්තාවක් සහ දරුවන් දෙදෙනෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් කියයි.
බස් රථයේ ගමන් කළ මගීන් කිසිවෙකුට තුවාල සිදු වී නොමැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සාපලත් ආණ්ඩුව බදු ඉහල දැම්ම නිසා අපි වගේ පුංචි මිනිස්සුන්ගේ වාහන තමයි බට්ටා ලොරි, ත්‍රීවීල්, ස්කූටර්. මේ එකක්වත් මේ රටට ගැලපෙන ආරක්‍ෂිත වාහන නෙවෙයි.